Wednesday, November 30, 2011

Fire at Norochcholai (4 items)

ලක්විජය බලාගාරයේ ගින්නෙන් හානි නෑ

පුත්තලම ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පවතින ගල් අඟුරු අඹරන යන්ත්‍ර පහෙන් එක් යන්ත්‍රයක පමණක් අද අලුයම 1.30 ට පමණ සුළු ගින්නක් හටගෙන ඇත. ගල් අඟුරු ඇඹරීමේදී ඇතිවන අධික උෂ්ණත්වය හේතුවෙන් මේ ගින්න හට ගෙන ඇතැයි ව්‍යාපෘති නිලධාරීහු පෙන්වා දෙති.

එම අවස්ථාවේ පැවැති වාතාවරණය හේතුවෙන් මේ ගින්න බලාගාරයේ අනෙකුත් යන්ත්‍ර වෙත පැතිරීමේ අවදානම නිසා සමස්ත බලාගාර පද්ධතියම අක්‍රිය කොට ඇත. මේ වන විට ගල් අඟුරු අඹරන යන්ත්‍රයේ සිදු වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර මෙමගින් බලාගාරයට හෝ විදුලි උත්පාදන ක්‍රියාවලියට කිසිදු හානියක් සිදුවී නැතැයි ලංවිම අවධාරණය කරයි.

මේ වන විට නැවතත් බලාගාරය පණ ගැන්වීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන අතර ඊයේ මධ්‍යහ්නයට ප්‍රථම යළිත් ජාතික විදුලිබල පද්ධතියට විදුලිබලය සපයන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n1111302


නොරොච්චෝලේ හදිසි ගින්නක්‌

ශිරාන් රණසිංහ, පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

නොරොච්චෝල ලක්‌විජය ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍රයක හටගත් ගින්නක්‌ නිසා එහි විදුලි නිෂ්පාදනය තාවකාලිකව නතර කර දැමීමට විදුලිබල ඉංජිනේරුවරු ඊයේ (29 වැනිදා) පියවර ගත්හ.

ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර පහක්‌ බලාගාරය සතුව ඇති අතර එහි එක්‌ ඇඹරුම් යන්ත්‍රයක ඊයේ (29 වැනිදා) අලුයම එකයි තිහට පමණ හටගත් ගින්නක්‌ නිසා බලාගාරයේ විදුලි උත්පාදනය නතර කොට පරීක්‍ෂණ කටයුතු කළ බවද ඔවුහු පවසති.

ගල්අඟුරු ගොඩගසා තබන විටත් ඒවා ගිනි ගැනීම සාමාන්‍යයක්‌ බවත් මෙම බලාගාරයේ හටගත් ගින්නද එලෙස සිදු වූවක්‌ බවද ඊයේ (29 වැනිදා) පෙරවරුව වනවිට කළ මූලික පරීක්‍ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙගොවොට්‌ තුන්සියයකින් සමන්විත මෙම බලාගාරයේ දෙවන සහ තෙවන අදියර යටතේ තවත් මෙගොවොට්‌ හයසියයක්‌ ඉදිරි කාලයේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉදි කළ පළමු ගල්අඟුරු බලාගාරය මෙය වන අතර සාම්පූර්හි තවත් ගල්අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීමට මූලික ගිවිසුම්ද අත්සන් කොට තිබේ.

නොරොච්චෝල ලක්‌විජය බලාගාරයේ විදුලි නිෂ්පාදනය තාවකාලිකව නතර කළද රටේ කිසිදු තැනක විදුලි බිඳවැටීම් සිදු නොවූ බවද ඊයේ (29 වැනිදා) දහවල්ම බලාගාරයේ විදුලි උප්පාදනය ආරම්භ කර විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්‌ කළ බවද විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ zදිවයිනZට පැවැසීය.


http://www.divaina.com/2011/11/30/news07.html


No damage to power plant

Ridma DISSANAYAKE

There has been no damage to the Norochcholai coal power plant, following a fire which broke out at a coal grinding mill, Ceylon Electricity Board (CEB) sources said yesterday.

There are five coal grinding mills at the Lakwijaya power plant. One was affected by the fire because of its high temperature. Project officers had taken measures to deactivate the operations of the power plant, the sources said.

There is no damage to the power plant or to its power generating system, they said.

All measures have been taken to repair the affected coal grinding mill. The power generating activities are back to normal, the CEB added.

http://www.dailynews.lk/2011/11/30/news16.asp


Norochcholai plant fire extinguished

By Ifham Nizam

The Lak Vijaya or the Norochcholai Power Plant in Puttalam was back in operation yesterday after the internal fire which erupted around 1.30 a.m. yesterday was extinguished.

Ceylon Electricity Board Chairman Professor Wimaladharma Abeywickrema told The Island yesterday that there was no major damage despite the fire.

He said a fire inside the coal crushing machine forced a temporary shut down of the plant in the morning and afternoon hours.

In August this year too, a fire erupted at Norochcholai.

The employees of the power plant had managed to extinguish the fire.

Nobody was reported injured in the fire.

Last time, the fire, which reportedly broke out in the coal storage of the main kiln, was contained.

A fire occurred in October 2010 as well in the premises of the island’s first coal power plant.

The USD 450 million coal power plant, which adds 300 megawatts to the national energy grid, commenced operations at the beginning of this year.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40115

No comments:

Post a Comment