Tuesday, November 29, 2011

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව දැන් ලාභ ලබන ආයතනයක්

එජාපය කුණුකොල්ලයට දේපළ විකුණා දැමූ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව දැන් ලාභ ලබන ආයතනයක්
  • මසකට රුපියල් ලක්‍ෂ 2500ක ආදායමක්
  • භාණ්ඩ දසදහසක් පමණ අලෙවියට
  • රුපියල් මිලියන 300ක ස්ථාවර තැන්පතු

විජයානි එදිරිසිංහ සහ ආසිරි මල්ලවආරච්චි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002දී පෞද්ගලික අංශයට දේපළවිකුණා දැමූ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව දැන් මසකට රුපියල් ලක්ෂ 2500ක ආදායමක් උපයන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම සංස්ථාව සතු කෝටි දහසක් පමණ වටිනා දේපළ පෞද්ගලික අංශයට කුණු කොල්ලයට විකුණා තිබේ.

එසේ විකුණා දැමූ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ ඉතිරිව තිබුණේ ප්‍රධාන ගොඩනැඟිල්ල පමණි. එමෙන්ම ලබාගත් බැංකු ණය රුපියල් කෝටි ගණනක් ගෙවීමට තිබුණි.

පාඩු ලබන ආයතන පුනර්ජීවනය කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව යළි ගොඩනැඟීම 2008දී ආරම්භ විය. 2008 වනවිට නමට පමණක් තිබූ මෙම සංස්ථාවෙන් කිසිදු ආදායමක් ලැබී තිබුණේ නැත. සංස්ථාවේ සිටි සේවකයන් 150කට වැටුප් ගෙවීමට පවා නොහැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාදුන් උපදෙස් මත යළි ලාබ ලබන ආයතනයක් බවට පත්ව තිබේ. ගතවූ වසර 03 ඇතුළත සංස්ථාවේ ආදායම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර භාණ්ඩ 10,000ක් අලෙවි කරනු ලබයි. ගනුදෙනුකරුවෝ දහස් ගණනක් සංස්ථාවට සම්බන්ධ වී සිටිති. විදේශ රටවල් ගණනාවකින් භාණ්ඩ ආනයනය කරනු ලැබේ. රාජ්‍ය සේවකයන් අතර ජනපි‍්‍රය වී ඇති උපහාර දුරකතන ඇමතුම් පැකේජයද රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සංකල්පයකි.

සංස්ථාව මේ වනවිට රුපියල් මිලියන 300ක ස්ථාවර තැන්පතු ඉතිරි කර තිබේ.

මෙහි සේවය කරන සේවක සේවිකාවන් 300කට වසරකට දෙවරක් ප්‍රසාද දීමනා ලබාදෙයි. වැටුප් දෙගුණයකින් වැඩිකර ඇති අතර, ආපදා ණය සියයට සියයකින් වැඩිකර තිබේ. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පෞද්ගලික වෙළඳ ආයතන සමඟ තරඟ කළ හැකි දියුණු ව්‍යාපාර ආයතනයක් බවට පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම සංස්ථා සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබුණි.

එම උපදෙස් මත කටයුතු කළ නිසා ආයතනය මෙසේ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකිවූ බව සභාපතිවරයා දිනමිණට කීය.


http://www.dinamina.lk/2011/11/29/_art.asp?fn=n1111291

No comments:

Post a Comment