Tuesday, November 22, 2011

සිංහරාජය වටා පිහිටි මේ වනාන්තර පවරා නොගන්නේ ඇයි?

යටත්විජිත යුගය තුළ ආර්ථීක බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක්‌ එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස තෙත් කලාපයේ දැනට කුට්‌ටිකරණය නොවූ විශාල වනාන්තර ඉතිරි වී ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. එA අතුරින් සිංහරාජ අඩවියට සුවිශේෂී තැනක්‌ හිමි වේ. අද වන විට යටත්විජිත යුගය සම්පූර්ණයෙන්ම නිමා වී වසර 63 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් තෙත් වනාන්තර පද්ධති ආරක්‌ෂා කර ගැනීමට අපට නොහැකි වී ඇත. එA නිසාම වසර කිහිපයකට වරක්‌ ලෝක සංරක්‌ෂණ සංගමය මගින් සකස්‌ කරන වඳවීමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත ලේඛනය ක්‍රමක්‍රමයෙන් ජීවීන්ගෙන් පිරී යමින් පවතී. විශාල වියදමක්‌ වැය කර සකස්‌ කරන රතු දත්ත ලේඛනයෙන් ප්‍රයෝජන ගැනීම හෝ රටේ ප්‍රතිපත්ති සකස්‌ කිරීමේ දී එවැනි ලේඛන උපයෝගී කර ගැනීම හෝ සිදු වන බවක්‌ පෙනෙන්නට නොමැත. බොහෝ විට එAවා එකිනෙකින් ව්‍යqක්‌ත වූ වාර්තා ලෙස පමණක්‌ පවතී.

ලංකාවේ වනජීවීන් පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල තත්ත්වය ද එසේම ය. විවිධ පර්යේෂණ ආයතන මගින් වනජීවීන් පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල රක්‌ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ දී හෝ එAවා පුළුල් කිරීමේ දී හෝ වැඩිදියුණු කිරීමේ දී සැලකිල්ලට ගනු ලබන බවක්‌ පෙනෙන්නට නැත. මේ නිසා අප රටේ ස්‌වාභාවික පරිසර පද්ධති සංරක්‌ෂණය යන්න ගැසට්‌ නිවේදනයට සීමා වූ රක්‌ෂිතයන් ආරක්‌ෂා කිරීමට පමණක්‌ සීමා වී ඇත. ඉන් ඔබ්බට පර්යේෂණ වල ප්‍රතිඵලය භාවිත කරමින් රක්‌ෂිත ප්‍රදේශ ගොඩනැඟීමේ සැලසුම් සකස්‌ කිරීමට අදාළ රාජ්‍ය අංශවල නිලධාරීන් කිසිවිටක කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.


Read full article: http://www.divaina.com/2011/11/22/feature04.html

No comments:

Post a Comment