Wednesday, November 30, 2011

මැණික් ගඟට කිඹුල් තර්ජන

කතරගම සමූහ ඇම්. නෙල්සන් පියරත්න

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනයත් ඒ අනුව වෙහෙරගල ජලාශයේ ජලය මුදාහැරීම නිසාත් කතරගම මැණික් ගඟේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. මේ නිසා කතරගම නගරය අසල පිහිටි දෙටගමුව වැව ද පිරී ගොස් එහි වාන් දොරටුව හරහා කිඹුලන් මැණික් ගඟ වෙත පැමිණෙන බවත් මිනිසුන් ගොදුරු කරගන්නා කිඹුලන් ද සිටින බවත් කතරගම අඩවිය භාර වන ජීවී නිලධාරි කරුණාසේන විතාන මහතා පවසයි.

(කතරගම මහා දේවාලයේ කරඬුව වැඩම කරවන ‘වාසනා’ හස්තියා මැණික් ගඟේ ඉවුර අසල නාන අයුරු. හස්තියාගේ කර වටක් ගිලෙන තරමට ගඟේ ජල මට්ටම නැඟ තිබේ. - ඡායාරූපය - කතරගම සමූහ)

මේ නිසා මැණික් ගඟේ ස්නානය කරන බැතිමතුන් ඒ සඳහා ප්‍රවේසම් සහිත තොටුපළවල් භාවිත කරන ලෙස කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්සිරි චන්දිමාල් මහතා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n1111309

No comments:

Post a Comment