Monday, November 28, 2011

අම්පාරේ ගංවතුරින් හානිවූ ගොවීන් 6000කට මේ කන්නයේ බීජ නොමිලේ

රවින්ද්‍ර මැදගෙදර – අම්පාර සමූහ

ගංවතුරින් වගා හානිවූ අම්පාර දිස්ත්‍රික්කයේ අතිරේක භෝග ගොවීන් 6000කට මෙම කන්නය සඳහා නොමිලේ බීජවර්ග ලබාදීමට අම්පාර අන්තර් පළාත් කෘෂිකර්ම කාර්යාලය පියවර ගෙන ඇත.

ඒ අනුව ගොවීන් 3800කට කව්පි, ගොවීන් 800කට රටකජු, ගොවීන් 800කට ඉරිඟු, ගොවීන් 200කට මුංඇට සහ ගොවීන් 400කට උඳු වශයෙන් බීජ ලබාදී ඇත.

ලෝක ආහාර සංවිධානය යටතේ ද වගා හානිවූ වී ගොවීන් සඳහා මේ වනවිට බිත්තර වී බුසල් 24,000ක් බෙදාදීමට පියවර ගත් බව අම්පාර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඒ. එස්. එම්. හැරිස් මහතා පැවසීය.


http://www.dinamina.lk/2011/11/28/_art.asp?fn=r1111283

No comments:

Post a Comment