Wednesday, November 30, 2011

ජනවාරි - ඔක්‌තෝබර් අතර අර්තාපල්, ලූනු, පොල් ආනයනයට කෝටි 922 වැඩි වැයක්‌

- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

අර්තාපල්, ලූනු හා පොල් පසුගිය ජනවාරියේ සිට ඔක්‌තෝබර් දක්‌වා මෙරටට ගෙන්වීම වෙනුවෙන් රුපියල් නවසිය විසිදෙකෝටි පනස්‌ හතර ලක්‌ෂ හැත්තෑ හයදහස්‌ තුන්සිය හතළිස්‌ හතරක්‌ (9,225,476,344) වැයකර ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අර්තාපල් ආනයනයට රුපියල් තුන්සිය විසිපන්කෝටි හතළිස්‌ පන්ලක්‌ෂ අසූතුන්දහස්‌ එකසිය හැටඑකක්‌ද, ලූනු ආනයනය සඳහා රුපියල් පන්සිය අසූහත් කෝටි අටලක්‌ෂ අසූහත්දහස්‌ හාරසිය අනූ එකක්‌ද, පොල් ආනයනයට රුපියල් කෝටි පන්දහස්‌ හයසිය අනූදෙකක්‌ද එම කාලය තුළ වියදම් කර ඇතැයි ඇමැතිවරයා කීවේය.

අර්තාපල් කිලෝග්‍රෑම් දසකෝටි හැත්තෑ දෙලක්‌ෂ දාහත්දහස්‌ අටසිය හතළිස්‌ දෙකක්‌ද, ලූනු කිලෝග්‍රෑම් පහළොස්‌ කෝටි විසිහතර ලක්‌ෂ විසිතුන්දහස්‌ අටසිය අටක්‌ද, ඉහත කාලය තුළදී ආනයනය කර ඇතැයි කී ඇමැතිවරයා තක්‌කාලි කිලෝග්‍රෑම් 5289 ක්‌ද ආනයනය කර ඇතැයි කීය.

මෙරටට ප්‍රධාන එළවළු වර්ග 12 ක්‌ පසුගිය මාස දොළහ තුළ ආනයනය කර ඇති බව කී ඇමැතිවරයා නැවුම් හෝ ශීතකල අර්තාපල්, තක්‌කාලි, මල් ගෝවා, සුදු සහ රතු ගෝවා, කැරට්‌ සහ ටර්නිප්, බීට්‌රූට්‌, රාබු, අනෙකුත් අල වර්ග, පිපිඤ්Æ, ගර්කින්, බෝංචි, නිවිති හා පිසින ලද නිවිති, බතල හා හතු මෙසේ ගෙන්වූ බවද කීය.

එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඉහත ප්‍රකාශය කළේය.

http://www.divaina.com/2011/11/30/news21.html

No comments:

Post a Comment