Sunday, November 27, 2011

අමාත්‍යාංශ වියදම් සීමාකිරීමට යයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත


ලබන වසරේදී (2012) සියලු අමාත්‍යාංශ වියදම් සීමා කිරීමට රජය තීරණය කර ඇත.


රාජ්‍ය වියදම් කාර්යක්‍ෂම කර ගැනීම සඳහා අයවැය මගින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව සියලු අමාත්‍යාංශ වෙත වෙන් කරන ලද එදිනෙදා වියදම්වලින් (පුනරාවර්තන වියදම්) සියයට දෙකක්‌ ද ප්‍රාග්ධන වියදම්වලින් සියයට නවයක්‌ද ඉතිරි කරගන්නා ලෙස උපදෙස්‌ දී ඇත.


මෙලෙස වියදම් සීමාකර ගැනීම මගින් රුපියල් කෝටි 6,692 ක පමණ මුදලක්‌ ඉතිරිකර ගැනීමට රජය අපේක්‍ෂා කරයි.


රුපියල් කෝටි 2,215 ක මුදලක්‌ පුනරාවර්තන වියදම් මගින්ද රුපියල් කෝටි 4,477 ක මුදලක්‌ ප්‍රාග්ධන වියදම් මගින් ද ඉතිරිකර ගැනීමට බලාපොරොත්තු වේ.


මීට අමතරව ලබන වසරේදී (2012) පාර්ලිමේන්තුව අනුමත කළ සමස්‌ත වියදම් සීමාව තුළ පරිපූරක ඇස්‌තමේන්තු අවම කරමින් අයවැය කළමනාකරණය කර ගැනීමටද රජය සැලසුම් කර ඇත.

http://www.divaina.com/2011/11/27/news02.html

No comments:

Post a Comment