Tuesday, November 29, 2011

ඇඹිලිපිටිය කඩදාසි සේවක වන්දි ගෙවීම හෙට

ප්‍රභාත් විතාන

තිස්‌ අවුරුද්දක්‌ සඳහා ඕස්‌ටේ්‍රලියානු සමාගමකට පැවරූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් වෙත වන්දි ලබාදීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් 170 දෙනකුට හෙට (30 වැනිදා) රුපියල් ලක්‍ෂ 3500 කට වැඩි මුදලක්‌ වන්දි වශයෙන් ලබාදීමට නියමිතය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්‌ටේ්‍රලියානු සමාගමකට, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා බදු පදනම මත පවරා දෙනු ලැබිණි.

මෙම වන්දි ලබාදීම හෙට (30 වැනිදා) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු වන අතර ඒ සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා, නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න යන මහත්වරු සහභාගි වෙති.

http://www.divaina.com/2011/11/29/news07.html

No comments:

Post a Comment