පිළිකාව තෙවැනි තැනට!
සිරිමන්ත රත්නසේකර
පිළිකා රෝගයෙන් මිය යන ශ්‍රී ලාංකික පුද්ගලයන්ගේ සංඛ්‍යාව වසරකට මෙරට රෝග වැළඳීමෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාවෙන් තෙවැනි තැනට පත්ව ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහතා පැවසීය. පිළිකා රෝගීන්ගේ වැඩි වීමට ප්‍රධාන හේතුව නාගරීකරණය හා ඒ ආශ්රිත ක්‍රියාවන් බව පෙන්වාදෙන ඒ මහතා තවත් වසර පහළොවක් පමණ වනවිට වැඩිම මරණ සංඛ්‍යාවක් පිළිකාව හේතුවෙන් සිදුවීමේ අවදානමක් පවතින බවද කීය.
වාර්ෂිකව පිළිකා රෝගීන් විසි දහසක් පමණ වාර්තා වන අතර ඉන් සියයට 40 ක් පමණ මියයන බවද වෛද්‍ය කරුණාරත්න මහතා කියා සිටියේය. ඉකුත් මාස හයක කාලය තුළ මෙම රෝගීන්ගේ ඖෂධවලට රුපියල් මිලියන 900 ක් වැය වී ඇතැයිද කීය.
මෙ වනවිට සිටින පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක් කොළඹ හා අවට ප්‍රදේශවලින් වාර්තා වන අතර සෙසු ප්‍රමාණය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
Source: http://www.divaina.com/2011/07/03/news06.html
No comments:
Post a Comment