ගින්දරෙන් බර දුම්බර
මෙරටේ අද්විතීයම වනාන්තරය වන දුම්බර නොහොත් නකල්ස් කඳුකරයේ ජෛවවිවිධත්වය අගය, සොබා සෞන්දර්යය, ජලපෝෂිත වටිනාකම් හෝ දේශගුණික, වනාන්තර කලාප විවිධත්වය වැනි අගයන් ගැන අපි කතා කර ඇත්තෙමු.

එපමණක් නොව, දුම්බර කඳුකරය විනාශ කරමින් සිදුවූ කරඳමුංඟු වගාව, මැණික් ගැරීම්, සතුන් දඩයම් කිරීම් පමණක් නොව, වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීම් හා සංවේදී වනාන්තර ප්‍රදේශවල ඉදිවන මහා පරිමාණ සංචාරක හෝටල, අවන්හල්, නිවාඩු නිකේතන ගැනද කතා කළෙමු. එහෙත්, දුම්බර සුකොමළියගේ සළු උනා දමමින් දිනෙන් දින ඇයට සිදු කෙරෙන නොපනත්කම් පිළිබඳව තව තවත් අපට කතා කරන්නට පරිසර ඝාතකයෝ මාතෘකා සපයා දෙමින් සිටිති. ගිනි ගහන ඉඩෝරය දුමින්බර දුම්බරත් සොයාගෙන පැමිණෙන මෙකල දැන් අපට විටින් විට අසන්නට ලැබෙන්නේ දුම්බර කඳුකරයේ පැතිර යන මහා ගිනි ගැනීම් පිළිබඳවය, නොහොත් ගිනිතැබීම් පිළිබඳවය. අප මේ කතාකරන මොහොතේ පවා දුම්බර කඳුකරයේ කොතැනකින් හෝ දුම්රොටු අහස්‌කුස කරා ඇදෙනු පෙනේ. ඉකුත් සතියේදී මේ අගනා කඳුකර වනාන්තරයට අයත් මහනුවර දිස්‌ත්‍රික් බලප්‍රදේශයේ ගිනිගෙන දැවුණු වනාන්තර ප්‍රමාණය අක්‌කර දහස ඉක්‌මවයි.
Read full article: http://www.divaina.com/2011/07/03/feature13.html
No comments:
Post a Comment