එක්‌කො ඉන්න දෙන්න නැත්තං මුහුදක් දෙන්න

නිල් කැටයක් සේ දිළෙන ගැඹුරු මුහුදේ දිය තලය ඈත සිතිජ මායිමෙන් නොපෙනී යයි. සිහිල් සුළං රැළි සමග පොර බදමින් ගලා එන සුදෝ සුදු රළ වෙරළ සිප බිඳී යයි. මේ අසිරිමත් සුන්දරත්වය නෙත් පුරා විඳගත් අපි පුංචි ඔරු කඳක් අසල නතර වීමු.
ඈත නොපෙනෙන වෙරළ තීරයේ දුව පැන යන සුනඛයකු ඇරෙන්නට මිනිස් රුවක් පෙනෙන්නට නැත. අපි හාත්පස පරිසරය දෙස විපරම් කළෙමු. ඈතින් පෙනෙන පැල් කොටයක පෑළදොරින් රුවක් මතු වෙයි. අපි ඒ දෙසට ගියෙමු. ඔහු කෙසඟ සිරුරකින් හෙබි තරමක් උස පෙනුමෙන් යුතු බැලූ බැල්මට අවුරුදු තිහක් පමණ කිවහැකි පුද්ගලයෙකි. අපි ඔහුට අපගේ අනන්‍යතාව තහවුරු කළෙමු. ගතවූයේ මොහොතකි. හත් අට දෙනකුම අප වට කරගත්තේ මෙතරම් කාලයක් කාටවත් නොකියා ඔවුන්ගේ හදවත්වල කැකෑරෙමින් තිබූ වේදනාව අප ඉදිරියේ දිග හැරීමටය.
Full article: http://www.divaina.com/2011/07/03/feature03.html
No comments:
Post a Comment