Monday, July 4, 2011

Leopards handed over to the zoo (2 news items)

තබ්බෝවෙන් හමුවූ දිවි පැටවුන් සත්වෝද්‍යානයට
ඡායාරූපය සහ සටහන පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

තබ්බෝව ප්‍රදේශයෙන් හමුවූ දිවියන් තිදෙනෙකු දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දුන් බව අනුරාධපුර වනජීවී කාර්යාලය කියයි. ඉකුත් 01 දා උදෑසන කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා මෙම දිවි පැටව් තිදෙනා කරුවලගස්‌වැව වනජීවී කාර්යාලයට භාරදී ඇත. මෙම දිවියන් තිදෙනාම ගෑනු සතුන් බවත්, දැනට ඔවුන් නිරෝගී සුවයෙන් පසුවන බවත්, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය පරිදි දිවි පැටව් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දුන් බවත් අනුරාධපුර වනජීවී කාර්යාලය පවසයි



Source: http://www.divaina.com/2011/07/04/news09.html


දිවි පැටවුන් තිදෙනා තබ්බෝවෙන් දෙහිවලට


පුත්තලම තබ්බෝව වන රක්‍ෂිතයේ මයිලන්කුලම කැලයේ අතරමංව සිටි දිවි පැටවුන් තිදෙනකු තම භාරයට ගත් අතර, එම පැටවුනගේ මවු දිවි දෙන සොයා වනයේ සෝදිසියක් ඇරැඹූ බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය පැවසීය.
ගැහැනු සතුන් වන මේ පැටවුන් මෙයට මාස දෙකකට කලින් උපත ලබා ඇති අතර, තම භාරයට ගත් විට මෙම පැටවුන් දැඩි ලෙස දුර්වලව සිටි අතර, පසුව වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසු ඔවුන් සුවසේ සිටින බවත් කීය. මේ සතුන් අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයට බාරදී ඇත. ඔවුන් දෙහිවල සතුන් වත්තට බාරදීමට පියවර ගෙන ඇති බවත් අනාවරණය විය.


No comments:

Post a Comment