Friday, December 9, 2011

විදුලිබල මණ්‌ඩලය පාඩු ලබද්දී මාස 9 ක්‌ තුළ "ලෙකෝ" කෝටි 1200 ක්‌ ලාභ ලබයි

ශිරාන් රණසිංහ

ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ) මෙම වසරේ ගෙවීගිය මාස නවයේදී පමණක්‌ රුපියල් කෝටි එක්‌දහස්‌ දෙසීයක වාර්තාගත ලාභයක්‌ ලබා ඇතැයි එම ආයතනයේ සභාපති චන්දන හපුතන්ත්‍රි මහතා "දිවයින"ට පැවැසීය.

සියයට සියයක්‌ම රජය සතු සමාගමක්‌ වන මෙම ලෙකෝ සමාගම ලාභ ලැබූයේ විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස්‌ මත කළමනාකාරිත්වය හා ආයතනයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම නිසා යෑයි ද සභාපතිවරයා කීවේය.

පසුගිය කාලයේ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි (ලෙකෝ) සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල පසුගිය වසර එකහමාරක සිට නතර කළ බවත් ඒ අනුව සේවකයන් හා උසස්‌ නිලධාරීන් ඉතා කැපවීමෙන් සේවය කිරීම නිසා මේ සා විශාල ලාභයක්‌ ලැබූ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මීගමුවේ සිට ගාල්ල දක්‌වා වෙරළබඩ කලාපය සහ නුගේගොඩ, කෝට්‌ටේ, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශවල විදුලිබල කටයුතු පවත්වාගෙන යැම ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ කාර්යයන් බවත් නිසි කලට බිල්පත් එකතු කිරීම, කාර්යක්‍ෂම සේවාවක්‌ විදුලි පාරිභෝගිකයන්ට ලබාදීම, විදුලි වංචා සම්පූර්ණයෙන්ම පාහේ නතර කිරීම යන කාරණා මගින් ආයතනය ශීඝ්‍ර සංවර්ධනයක්‌ ලැබූ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට ලංකා විදුලිබල මණ්‌ඩලය දිනකට රුපියල් කෝටි දහතුනක පමණ පාඩුවක්‌ ලබද්දී ලංකා පෞද්ගලික විදුලි සමාගම (ලෙකෝ) ලාභ ලැබීම සතුටට කරුණයක්‌ යෑයි ලෙකෝ සමාගමෙහි ඉංජිනේරුවරු කියා සිටිති.


http://www.divaina.com/2011/12/09/news09.html

No comments:

Post a Comment