තුෂාරී කළුබෝවිල
ගාල්ල හා මාතර දිස්ත්රික්වලට පසුගියදා බලපෑ චණ්ඩ මාරුතයෙන් විනාශයට පත්වූ තම නිවාස යළි සකස් කර ගැනීම සඳහා මෙතෙක් සහනාධාර ලැබී නැතැයි විපතට පත් පවුල් චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී දිස්ත්රික් ලේකම්වරුන් පැවසුවේ ක්ෂණිකව ලබා දිය යුතුව තිබූ සහන සේවා කඩිනමින් සැලසු බවයි.
එහෙත් නිවාස වෙනුවෙන් වන්දි ලබා දීමේදී ප්රාදේශීය ලේකම්වරුන් හරහා ඒ ඒ නිවාසවලට සිදුවී ඇති අලාභානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවද දිස්ත්රික් ලේකම්වරු පැවසූහ.
තක්සේරු වාර්තාව ලැබුණු වහාම සීමාවකින් තොරව විපතට පත් සියලු නිවාසවලට අදාළ වන්දි මුදල් ලබා දෙන බව ඔවුහු සඳහන් කළහ.
ගාල්ල, මාතර, දිස්ත්රික්කවල නිවාස 9755 ක් ගස් හා කණු කඩා වැටීමෙන් ද සුළඟට හසුවීමෙන් ද විනාශයට පත් වූ අතර එයින් නිවාස 866 ක් මුළුමනින්ම විනාශ විය.
අර්ධ වශයෙන් හානියට පත් නිවාසවල ජීවත්වන පවුල් හානියට පත් තම නිවාස අලුත්වැඩියා කර ගැනීමට නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර මුළුමනින්ම හානි වූ නිවාසවල ජනතාව සහන කඳවුරුවල හා ඥති නිවෙස්වල තාවකාලිකව රැඳී සිටිති.
http://www.divaina.com/2011/12/07/news24.html
No comments:
Post a Comment