කුලියාපිටිය විශේෂ – ඩබ්ලිව්. රණසිංහ
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් උපයෝගීකරගෙන ව්‍යාජලෙස සකස්කළ ලිපියක් වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂවරයා වෙත යවමින් යෝජිත සැහැල්ලු දැව ඉරුම්හලක් පිහිටුවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් සකස්කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය පොලිසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඊයේ (02) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම 05 දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් පර්සි වඩුගෙදර මහතා නියෝග කළේය.
යෝජිත සැහැල්ලු දැව ඉරුම්හලක් පිහිටුවීමට පරිසර බලපත්‍රය ඉල්ලා පරිසර අධිකාරියෙන් කර තිබූ ඉ්ලලීමක් ප්‍රතික්ෂේප කිරීම අවලංගුකොට ඊට අදාළ බලපත්‍රය නිකුත් කරන ලෙස සැකකරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලීය ලිපි ශීර්ෂයක් උපයෝගී කරගෙන සකස්කර තිබූ ව්‍යාජ ලිපියක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ලේඛණය පරිසර අධිකාරිය වෙත එවනු ලැබූ අය හැටියට සඳහන් කර තිබුනේ ජනාධිපති කාර්යාලයේ කර්මාන්ත අංශයේ ආචාර්ය කේ.එම්.අමරසේන යන නමක් බැව් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
අධිකරණයේ නියමය මත රිමාන්ඩ් ගත කෙරුණේ කුලියාපිටියේ ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කොණ්ඩසිංහ මුලාචාරිගේ අමරසේන නමැත්තෙකි.
සැකකරුගේ බෑණා කෙනෙකු වන පී.එම්. සෝමරත්න නැමැත්තෙකු සැහැල්ලු දැව ඉරුම්හලක් පිහිටුවීමට අවශ්‍ය බලපත්‍රයක් ඉල්ලා වයඹ පළාත් පරිසර අධිකාරියට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබී ඇති අතර කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකින් පසු එම බලපත්‍රය නිකුත් කිරීම පරිසර අධිකාරිය මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත් සැකකරු යතෝක්ත කූඨ ලේඛනය සකසා ඒ මගින් පළාත් පරිසර අධිකාරියට දැනුම් දීමක් කරමින් යථෝක්ත පරිසර බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරුණු යොමුකිරීමක් අනුව පරිසර හා සවාභාවික සම්පත් අමාත්‍යාංශයේ නීති අංශය මගින් විමර්ශනයක් සිදුකර ඇති බවත් එබැවින් ඉදිරිපත් කර ඇති පරිසර බලත්රය ලබා ගැනීමේ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අවලංගු කොට එම පරිසර බලපත්‍රය නිකුත් කරන ලෙස පළාත් පරිසර අධිකාරියට දන්වා ඇති බවත් පොලිසිය තවදුරටත් අධිකරණයට වාර්තා කළේය.
එම කූඨ ලේඛනය පළාත් පරිසර අධිකාරිය වෙත කුලියාපිටිය නගරයේ සංනිවේදන ආයතනයක් මගින් ෆැක්ස් කරනු ලැබ ඇති බවද පැවසේ.
කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.පී. සිරිවර්ධන මහතා ගේ උපදෙස් හා සා.පො.අ. (අංක 2) සුගත් ගලගමගේ මහතාගේ අධීක්ෂණය මත කුලියාපිටිය පොලිසිය කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයවික්‍රම පො.සැ. රංජිත් හා පො. සැ දිසානායක යන මහත්වරු මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.
http://www.dinamina.lk/2011/12/03/_art.asp?fn=n11120311
No comments:
Post a Comment