ප්‍රියදර්ශන ගමගේ
මිනිස් පරිභෝජනයට නුසුදුසු හෙයින් වළදමා විනාශ කරන ලෙස දන්වා කොළඹ වරාය වෙන්දේසි මධ්‍යස්‌ථානයෙන් නීත්‍යානුකූලව මුදාහැරිය ආනයනික සියඹලා කන්ටේනර් තුනක් එක්‌තරා පුද්ගලයකු වෙළෙඳ පොළට මුදාහරිමින් සිටින බව වාර්තාවේ.
කන්ටේනර් තුනේ තිබූ රුපියල් විසි ලක්‍ෂයක් පමණ වටිනා සියඹලා කිලෝ ග්‍රෑම් 53,000 ක් මෙසේ අලෙවි කරමින් සිටින බව වරාය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමේ බලපත්‍ර හිමි පුද්ගලයකු මෙය සිදු කරමින් සිටින අතර ඔහුට මේ සඳහා වරාය හා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබෙමින් තිබෙන බවද සඳහන් වේ.
ගම්පහ ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්‌ථානයකදී එම සියඹලා තොගය විනාශකිරීමට නියමිතව තිබී ඇති අතර මේ වන විට එම ස්‌ථානයේ තිබියදීම මෙය වෙළෙඳ පොළට නිකුත් කෙරෙන බවද වාර්තා වේ.
http://www.divaina.com/2011/12/01/news04.html
No comments:
Post a Comment