Sunday, January 1, 2012

නව වසරේ අලූතින් වැව් හා ජලාශ 10 ක්‌

උපාලි ද සේරම්

දිවයිනේ දුෂ්කර ප්‍රදේශ ගණනාවක කෘෂිකර්ම සංවර්ධනය සඳහා වැව් හා ජලාශ දහයක්‌ ඉදි කිරීමට 2012 වසරේදී පියවර ගන්නා බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 2012 වසර සඳහා අයවැයෙන් වාරිමාර්ග ක්‍ෂේත්‍රය සඳහා රුපියල් කෝටි 3,600 ක්‌ වෙන්කර ඇති බවත් එම මුදල් වැය කර මෙම වැව් හා ජලාශ ඉදි කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ රිදීමාලියෑද්ද ප්‍රදේශයේ වාරිමාර්ග පහසුකම් නැංවීම සඳහා මොරාන වැව ඉදිකිරීමටත්, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇල්ලේවැව, මාතර දිස්‌ත්‍රික්‌කයේ දිගිලි ඔය, අම්පාර දිස්‌ත්‍රික්‌කයේ කළුගල් ඔය, මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ පහළ මල්වතු ඔය, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ කවුඩුල්ල වැවේ ඉවුර සහ අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කවලද තෝරාගත් ජලාශ කිහිපයක්‌ද වැඩිදියුණු කිරීමට පියවර ගනු ලබන බවත් කීවේය.

මෙම ව්‍යාපෘති විදේශ ණය ආධාර ලබා නොගෙන දේශීය අරමුදල් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දේශීය ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ සහාය ලබාගෙන සිදු කරන බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2012/01/01/news05.html

No comments:

Post a Comment