Sunday, January 1, 2012

අල්ලස්‌ කොමිසමේ නිලධාරියකුටත් දූෂණ චෝදනා එල්ල වේ

සමන්ත ඉලේපෙරුම

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්‌වරයෙකුට එරෙහිව ලද දූෂණ චෝදනා පැමිණිල්ලක්‌ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව මඟින් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත. අල්ලස්‌ කොමිසමේ කොමසාරිස්‌වරයෙකු ලෙසින් පත්වීමට පෙර දරනු ලැබූ තනතුරේ සිටියදී ඔහු විසින් සිදු කළ දූෂණයකට අදාළව ලද පැමිණිල්ලක්‌ අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට එම පැමිණිලි ගොනුව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට කොමිසමේ විමර්ශන ඒකකය වෙත යොමු කොට ඇති බවට අල්ලස්‌ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

එල්ලවී ඇති දූෂණ චෝදනාවන්ට අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට සිදු වුවහොත් ඔහුට කොමසාරිස්‌ තනතුරින් ඉල්ලා අස්‌වීමට සිදු වන බවද එම ආරංචිමාර්ග පවසයි.

අල්ලස්‌ කොමිසම කොමසාරිස්‌වරුන් තිදෙනකු ගෙන් සමන්විත අතර ඔවුන් අතරින් දෙදෙනකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අතර එක්‌ අයෙක්‌ අපරාධ විමර්ශයන්ට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පුළුල් පළපුරුද්දක්‌ ඇති අයෙකි.

http://www.divaina.com/2012/01/01/news04.html

No comments:

Post a Comment