Wednesday, January 11, 2012

දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙන් කෝටි 10 ක ආදායමක්‌

අනුර බාලසූරිය

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයෙන් ඊයේ (10 දා) වනවිට රුපියල් දස කෝටිය ඉක්‌මවා ආදායමක්‌ ලබා ඇතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.

මෙම මාර්ගය විවෘත කර ඊයේ වනවිට ගතවූ දින 44 ක කාලය තුළ මෙම ආදායම උපයා ගැනීමට හැකිවූ බව පැවැසූ ඇමැතිවරයා මේ වනවිට රථ වාහන තුන් ලක්‌ෂ හැටඅටදහස්‌ හත්සිය විසි අටක ප්‍රමාණයකින් මෙම මුදල උපයා ගැනීමට හැකිවූ බව පැවැසීය.

ගතවූ දින 44 ක කාලය තුළ රථවාහවලින් රුපියල් දසකෝටි හතළිස්‌ නවලක්‌ෂ හැත්තෑ අටදහස්‌ තුන්සිය පනහක මුදලක්‌ (104,978,350/}) උපයා තිබේ.

කොට්‌ටාව ප්‍රධාන පිවිසුමෙන් රථවාහන 125,425 ක්‌ද, කහතුඩුව පිවිසුමෙන් රථවාහන 19,641 ක්‌ද, ගැලනිගම පිවිසුමෙන් රථවාහන 43,508 ක්‌ද, දොඩන්ගොඩ පිවිසුමෙන් රථවාහන 27,833 ක්‌, වැලිපැන්aන පිවිසුමෙන් රථ වාහන 18,977 ක්‌ද, කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් රථවාහන 27,010 ක්‌ද, බද්දේගම පිවිසුමෙන් රථ වාහන 13016 ක්‌ද, පින්නදූව පිවිසුමෙන් රථවාහන 93318 ක්‌ද ගතවූ මසකට අධික කාලය තුළ ධාවනය කර ඇත.

මින් වැඩිම ආදායම ලැබී ඇත්තේ කොට්‌ටාව ප්‍රධාන පිවිසුමෙනි. එය රුපියල් තුන්කෝටි නව ලක්‌ෂ හැත්තෑ දෙදහස්‌ එකසියයකි. (39,972,100/}) පින්දූව පිවිසුමෙන් රුපියල් තුන්කෝටි තිස්‌පන්ලක්‌ෂ හැත්තෑ හත්දහස්‌ පනහක (33,577,050/}) ආදායමක්‌ උපයා ඇත.

මෙම මාර්ගයේ දිනකට රථවාහන 5000 ක්‌ ධාවනය වනු ඇතැයි අපේක්‌ෂා කළත් එය අභිබවා යමින් දිනකට වාහන 8100 කට ආසන්න ප්‍රමාණයක්‌ ධාවනය වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.


http://www.divaina.com/2012/01/11/news35.html

No comments:

Post a Comment