සුබසිංහ බණ්‌ඩාර - සාලියවැව
විල්පත්තුව ජාතික වනෝද්‍යානය සංචාරකයන් ගෙන් මෙතෙක් උපයන ලද විශාලතම ආදායම වූ ලක්‌ෂ අසූහතහමාරක මුදලක් 2011 වසර තුළ උපයා ඇතැයි එහි සංඛ්‍යාලේඛනවල දැක්‌වේ.
මෙම ආදායම 2010 වසර තුළ උපයන ලද ලක්‌ෂ 44 හා සැසඳීමේදී සියයට පනහක වැඩිවීමකි. 2010 වසරේ දේශීය හා විදේශීය සංචාරකයන් 17,027 ක් සහ වාහන 2,560 පැමිණ ඇත. එය 2011 වසර තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් දේශීය සංචාරකයන් 22,970 ක් හා විදේශීය සංචාරකයන් 2,292 විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරැඹීම සඳහා පැමිණ ඇත. වාහන 4,339 ක් ද ඒ සඳහා යොදාගෙන තිබේ. උපයන ලද මුළු ආදායම අසූහත් ලක්‌ෂ හතළිස්‌හතර දහස් පන්සිය දහසයකි.
මෙය 2010 වසර හා සැසඳීමේදී දේශීය සංචාරකයන්ගේ පැමිණීම 49% හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 40% ක වර්ධනයකි. 2010 වසර තුළ සංචාරකයන්ගෙන් උපයන ලද මුළු ආදායම 4408370 වන අතර 2011 වසර තුළ (8744516/}) අසූහත් ලක්‌ෂ හතළිස් හතර දහස් පන්සිය දහසයක මුදලක් උපයා තිබේ. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවල වැඩිදුරටත් දැක්‌වේ.
http://www.divaina.com/2012/01/11/news38.html
No comments:
Post a Comment