අකිත පෙරේරා
එළවළු සහ පලතුරු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඇසුරුම් කූඩ ප්‍රමාණවත් තරම් වෙළෙඳපොළට නිකුත් කර ඇති බැවින් ලබන 15 වැනිදා සිට එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී ඇසුරුම් කූඩ භාවිත කිරීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
ගොවිබිමේ සිට ආර්ථික මධ්‍යස්‌ථානය දක්‌වා එළවළු පලතුරු ප්‍රවාහනය කිරීමේදී වැටලීම් සිදු නොකරන බැවින් මෙම නීතියෙන් ගොවීන් නිදහස් කර ඇතැයි ඇමැතිවරයා කීවේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය, වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශය සහ සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එක්‌ව සහනදායී ලෙස ඇසුරුම් කූඩ ලබාගැනීමේ අවස්‌ථාව වෙළෙඳුන්ට ලබා දී ඇතැයි ද ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2012/01/08/news06.html
No comments:
Post a Comment