ශ්‍යාම් නුවන් ගනේවත්ත
සාමාන්‍යයෙන් විනිමය අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව වුවත් පසුගිය අයවැයෙන් රජය මේ කාර්යයට මැදිහත්ව, ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 3 කින් අව ප්‍රමාණය (බාල්දු) කළේය. අපට දැනගන්නට ඇති පරිදි ඒ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව සිටියේ එවැන්නක් නොකළ යුතුය යන මතයේය. ඒ නිසා රුපියලේ අගය අඩු කරන නොයෙකුත් ඉල්ලීම් පැවැතියත් මහ බැංකුව එය සිදු නොකළේය. එහෙත් රජය ඉකුත් අයවැයෙන් විනිමය අනුපාතය තීරණය කිරීමේ කාර්යයට මැදිහත්වෙමින් රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 3 කින් අවප්‍රමාණය කරන ලෙස මහ බැංකුවට උපදෙස් ලබාදෙන ලදී. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පසුදින සිට (2011 නොවැ. 22) වහාම රුපියල එම ප්‍රමාණයෙන් බාල්දු කිරීමට කටයුතු කළේය. ඒ දිනවල මේ තීරණය ගැන සමාජය තුළ පුළුල් කතිකාවක් ද ඇති වූයේය. දැන් රුපියල තවදුරටත් බාල්දු කළ යුතු බවටද නොයෙකුත් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. ඒ අනුව රජය ළඟදීම රුපියල තවදුරටත් බාල්දු කරයිද? එය අපට හරියටම කියන්නට බැරිය. කවරක් නමුත් අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ දේශීය මුදල බාල්දු කිරීමේ (රුපියල අවප්‍රමාණය කිරීමේ) ආර්ථික බලපෑම් පිළිබඳවයි.
Read full article: http://www.divaina.com/2012/01/08/feature11.html
No comments:
Post a Comment