Monday, January 9, 2012

වැසි සහිත කාලය තව දින කීපයක්

පණ්ඩුක සමරසේකර සහ රක්ෂණ ශි‍්‍රයන්ත

මේ දිනවල සන්ධ්‍යා කාලයේ පවතින වැසි සහිත කාලගුණය තව දින කිහිපයකින් පහව යන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පවසයි. පසුගිය දිනවල පැවැති සුළි කුණාටු තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමින් පවතින නිසා මෙම කාලගුණික විපර්යාසය ඇතිවී ඇති බව පවසන චමින්ද මහතා සුළඟේ වේගය අඩු වීම හේතුවෙන් සවස් කාලයේ වළාකුළු වර්ධනය වී ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, මෙම තත්ත්වය උතුරු, නැඟෙනහිර, උතුරුමැද පළාත්වල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, ගාල්ල දිස්ත්‍රික්කවලටත් බලපාන බව පවසයි.

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි පවතින විට දැඩි සුළං පවතින අතර අකුණු අනතුරුවලින් බේරීම සඳහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා සිටී.


http://www.dinamina.lk/2012/01/09/_art.asp?fn=n1201097

No comments:

Post a Comment