Saturday, January 7, 2012

සී ප්ලේන් නිසා කොග්ගල ධීවර කාර්මිකයෝ අසරණ වෙති

කැකනදුර - ගයාන් දර්ශන

දකුණු පළාතේ අති සුන්දර නගරයකි ගාල්ල දිස්‌ත්‍රික්‌කය. සංචාරක පරාදීසයක්‌ උරුම කරගත් මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම කොග්ගල එය විදේශිකයන් ගේ නෙත් සිත් වශීකරවන ස්‌ථානයකි. සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ පියවරක්‌ ලෙස දකුණු පළාතට සංචාරකයන් රැගෙන ඒමට භාවිතා කරන සී ප්ලේන් (සැහැල්ලු ගුවන් යානා) කොග්ගල ඔයට බැස්‌සවීම නිසා ධීවර කර්මාන්තයෙන් දිවි රැකගත් ධීවර කාර්මිකයෝ බලවත් ගැටලු කිහිපයකට මුහුණපා සිටිති.

කොග්ගල ඔය අවට මිරිදිය මත්ස්‍ය කර්මාන්තකරුවන් මේ හේතුව නිසා බෙහෙවින්ම අසරණ තාවයට පත්වී සිටිති. සී ප්ලේන් බැස්‌සවීම තුළදී ඇතිවන අධික ශබ්දය සහ නැගෙන දිය රැළි මාළු බිත්තර විනාශ වන බැවින් මත්ස්‍ය සම්පතට, බරපතළ තර්ජනයක්‌ එල්ලවී ඇතැයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියෑළෙන ධීවරයෝ පවසා සිටියහ.

පරම්පරා ගණනක සිට මිරිදිය ධීවර කර්මාන්තයේ නියෑලෙන්නන් මේ හේතුව නිසා ආර්ථිකමය වශයෙන් අපහසුතාවන්ට පත්වෙමින් සිටිති. මීට අමතරව සී ප්ලේන් බැස්‌සවීම නිසා ඔයෙහි ජලය දුෂණ වනුයේ ඉන්ධන නිකුත් වී ඔයේ ජලයට එක්‌වීම නිසාය. මීට අමතරව කොග්ගල මඩොල්දූව නැරඹීමට අධිවේගී යාන්ත්‍රික බෝට්‌ටු ධාවනය කිරීම හේතුවෙන් ඔයට කරදිය ගලා ඒම හා එය නතර කර කිරීමට පියවර නොගැනීම නිසා බරපතළ පාරිසරික ගැටළු පවා උද්ගතවී ඇත.

No comments:

Post a Comment