Sunday, January 8, 2012

ශ්‍රී ලංගම බස් ඇණිය තවත් තරවෙයි

තාරක වික්‍රමසේකර

ශ්‍රී ලංකා ගමනා ගමන ඉතිහාසයේ ප්‍රථම වරට ලංගම බස් රථ සංඛ්‍යාව 7000ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම 2016 වසර වනවිට එම බස් රථ සංඛ්‍යාව 8500 දක්වා ඉහළ නැංවීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවැසීය.

ඒ අනුව මේ වසර අග වනවිට ලංගම වාර්ෂික ආදායම ලෙස කෝටි 2395.353ක් ඉපැයීමට බලාපොරොත්තු වන අතර 2016 දී එය කෝටි 3083.372ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. 1970 වසරේ ලංගම බස් රථ ඇණිය 6500ක් වූ අතර 1999/2000 වකවානුවේදී බස් රථ 6500ක ඇණියක් ලංගම සතුවූ අතර එදා මෙදා තුර බස් රථ සංඛ්‍යාව එම ප්‍රමාණය ඉක්මවා ගොස් නැත.


http://www.silumina.lk/2012/01/08/_art.asp?fn=aa12010810

No comments:

Post a Comment