රූපාන්ති බුලත්සිංහල
මේ වසරේ පොල් පැළ ලක්ෂ අනූවක් වගා කිරීමට පොල් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කරයි. පොල් හිඟයට පිළියමක් හා කැපී ගොස් තිබෙන පොල් පැළවලට විකල්ප පියවරක් ලෙස අමාත්‍යාංශය මේ තීරණය ගෙන තිබේ. ඉහළ යන පොල් පරිභෝජනයට අවශ්‍ය සැපයුම ලබාදීමට අමාත්‍යාංශය තීරණය කැර තිබේ. මේ සඳහා අලුතින් වගාකරන අක්කර පහ දක්වා ඉඩම්වලට නොමිලේ පොල් පැළ ලබාදීමට ද කටයුතු කෙරේ.
ගෘහස්ථ පරිභෝජනයට හා පොල් ආශ්‍රිත කර්මාන්තවලට අවශ්‍ය පොල් ප්‍රමාණය සපුරාලීමට හැකි පොල් පලදාවක් ඉදිරියේදී සැපයිය හැකි බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
2016 වනවිට සමස්ත පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3650ක් දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ද විශ්වාස කෙරේ.
http://www.silumina.lk/2012/01/08/_art.asp?fn=aa12010813
No comments:
Post a Comment