Saturday, January 7, 2012

කුමන ජාතික වනෝද්‍යානය මස්‌ වැද්දන්ගේ රජ දහනක්‌ වෙලා

පී. විඡේසේකර - පානම වාර්තාකරු

පානම ප්‍රදේශය අවට අවස්‌ථාවාදී මස්‌ වැද්දන් නැවතත් කුමන ජාතික වනෝද්‍යානය තුළද සැරිසරන්නට පටන්ගෙන ඇතැයි වාර්තාවේ.

කුමන ජාතික වනෝද්‍යාන නිලධාරීහු වනෝද්‍යානයට ඇති ඉහළම බලපෑම වන මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිකර්මයක්‌ නැතැයි ප්‍රකාශ කර සිටිති.

පසුගිය කාලය තුළ අධික වර්ෂාව අවස්‌ථාවක්‌ කර ගත් මස්‌ වැද්දොa අහිංසක සතුන් දහසක්‌ දෙනා දඩයම් කර ගත්හ.

මේ තත්ත්වයට මුහුණ දීමට ප්‍රධාන හේතූන් අතර නිලධාරීන් ප්‍රමාණවත් නොවීම, පානම ගමට සම්බන්ධ ඥතීන් වනෝද්‍යානයේ සේවය කිරීම, ගමනාගමන, ප්‍රවාහන, විදුලි පන්දම්, තුවක්‌කු, කබා, වෙනත් ආරක්‍ෂක අංශවල උදව් නොලැබීම ආදී ප්‍රශ්න වෙති.

පානම ගම්මානයේ ඥතීහු මෙම වනෝද්‍යානයේ සේවයේ නිරත වීම වනෝද්‍යානයේ වනසතුන්ගේ ආරක්‍ෂාවට මහත් තර්ජනයක්‌ වී ඇත. පානම ගම්මානයේ නොහිතන අය පවා දඩමස්‌ බුදින අතර එහි පුදුමය නම් මේ කියවෙන නීතියේ රැහැනින් ගැලවී යැමය.


http://www.divaina.com/2012/01/06/provin01.html

No comments:

Post a Comment