Saturday, January 21, 2012

CEB work to rule (4 items)

අකුරට වැඩ තීරණයෙන් සංගම් 4ක් ඉවත් වෙති

චමීර ඇල්ලදෙණිය

රජය ලබා දුන් සියයට 25 ක වැටුප් වර්ධකය ප්‍රමාණවත් නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අරඹා තිබෙන අකුරට වැඩ තීරණයෙන් සංගම් හතරක් ඉවත් වෙති. ඉදිරියේදී විදුලිය බාධාවකින් තොරව ලබාදීමට සහයෝගය ලබා දෙන බව එම සංගම්වල ප්‍රධානීහු පවසති. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංවිම තාක්ෂණික ඉංජිනේරු සංගමය, ඉංජිනේරුමය සංගමය, පළාත් පාලන කාර්මික නිලධාරී සංගමය මෙසේ අකුරට වැඩ කිරීමෙන් ඉවත්ව ඇත.

විදුලිබල පද්ධතියේ තාක්‍ෂණික කිසිදු බිඳවැටීමක් ඇති නොවීමට කටයුතු කරන බව ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු සංගමයේ ලේකම් යූ. ආර්. කේ. සේනාරත්න මහතා පවසයි. දැනට රජය ලබාදී තිබෙන වැටුප් වර්ධකය ප්‍රමාණවත් නිසා වැඩ වර්ජනයෙන් ඉවත් වූ බවද සේනාරත්න මහතා කීවේය. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේදී සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය. එස්. ඒ. ආනන්ද, කරුණා ගමගේ, ජේ. ඒ. කුමාරසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගිවූහ.

http://www.dinamina.lk/2012/01/21/_art.asp?fn=n1201212


අකුරට වැඩ අත්හිටුවූවත් වැඩ වර්ජනය අරඹන දිනය ලබන සතියේ කියනවා - ලංවිම වෘත්තීය සමිති සන්ධානය
ශිරාන් රණසිංහ

ලංකා විදුලි බල මණ්‌ඩල සේවකයන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ අතිකාලවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතා දැමූ බවත් සියයට හතළිස්‌ පහක වැටුප් වැඩවීම ඉල්ලා ලබන සතියේ දිනක වැඩවර්ජනයක්‌ ප්‍රකාශයට පත් කරන බවත් ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා "දිවයින"ට පැවැසීය.

ඒ අනුව වෘත්තීය සමිති ලබන සඳුදා (23 වැනිදා) රැස්‌වී වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා කීවේය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්වූවා පමණක්‌ නොව එය දඩමීමා කරගෙන විදුලි බලමණ්‌ඩල සේවකයන්ට එරෙහිව රජය ජනතාව පෙළ ගැස්‌වීමේ වැඩපිළිවෙළක්‌ද තිබූ බවට තොරතුරු ලැබුණු බවද හෙතෙම පැවැසීය.

මේ අතර ලංකා විදුලි බල මණ්‌ඩල සාමාන්‍ය සේවකයන් පවසන්නේ සියයට විසිපහක වැටුප් වැඩිවීම ප්‍රමාණවත් බවය.

මේ අතර ලංකා විදුලි බල මණ්‌ඩලයේ ස්‌වාධීන ඉංජිනේරු සංගමය යෝජිත 25% ක වැටුප් වැඩිවීමට එකඟ වන අතර දැනට ලංවිම තුළ ක්‍රියාත්මක වන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ඔවුන් සහභාගි නොවීමට තීරණ කර ඇත.


http://www.divaina.com/2012/01/21/news04.html


CEB work-to-rule campaign called off

Ridma DISSANAYAKE

The Ceylon Electricity Board (CEB) Employees’ Union yesterday decided to suspend their work- to- rule campaign demanding a 45 percent salary hike.

CEB trade union spokesman Ranjan Jayalal said the unions had reached an agreement to launch a token strike in the future.

Meanwhile, over 20 CEB Trade Unions attached to the Sri Lanka Freedom Party including the Sri Lanka Nidahas Sewaka Sangamaya and CEB Technological Engineers’ Union said yesterday that they will accept the 25 percent salary hike offered by the government.

These facts were revealed at a special press briefing organized by the Trade Union representatives who said that they will not allow anyone to disrupt the power supply.

http://www.dailynews.lk/2012/01/21/news13.asp


‘Without engineers’ support CEB cannot be paralysed’

By Ifham Nizam

Trade union action by the employees of the Ceylon Electricity Board (CEB) would be successful without the backing of the powerful engineers’ union, a senior official of the CEB said.

He told The Island that the public should not fear any problems as engineers and other unions would not take part in the work-to-rule campaign by a group of JVP-backed workers.

In 1992, when Karu Jayasuriya was the Power and Energy Minister, all electrical superintendents had demanded a pay hike and decided to stay away for 25 days.

However, CEB engineers had worked to make sure that there were no breakdowns or power interruptions, the official said.

The CEB Engineers’ Union decided to pull out of the work-to-rule campaign following the intervention of President Mahinda Rajapaksa.

Meanwhile, the CEB Technological Union and Lanka Nidahas Sangamaya (LNS) addressing the media in Colombo yesterday assured that they had the support of 20 of the 52 unions and nearly half of the 16,000 workforce would ensure an uninterrupted power supply despite the ongoing work-to-rule campaign.


LNS Committee Member, Karuna Gamage said that they were more than happy with 25 per cent hike and it was only the politically motivated members who were making it an issue of it.

Senior Engineer Assistant, U. R. K. Senaratne assured that there would be no interruptions to power supply under any circumstances.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43612

No comments:

Post a Comment