අජිත් අලහකෝන් - ලසිත දුමින්ද
නුපුහුණු ශ්‍රමිකයන් 15500 ක් 2005 සිට 2010 දක්‌වා දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරක සඳහන් වේ.
මෙම පිරිස විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි වී කොරියානු රැකියාවලට පිටත්ව ගොස් ඇතැයි ද එහි සඳහන් වේ.
එසේ පිටව යන එක් අයකුගේ ගුවන් ටිකට්‌පතක වටිනාකම රුපියල් 44,380 ක් බව ද පසුගිය වසරේ කාර්යාංශයේ පිහිටුවන ලද ගුවන් ප්‍රවේශපත් ඒකකය මගින් රුපියල් 44150 කට ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කළ බව ද එහි දැක්‌වේ.
ගාල්ල දිස්‌ත්‍රික් මන්ත්‍රී (ප්‍ර.ජා.ස.) අජිත් කුමාර මහතා ඇසූ පැනයකට අදාළ පිළිතුර ලෙස ඇමැතිවරයා ඉහත ලේඛනය සභාගත කළේය.
http://www.divaina.com/2012/01/21/news22.html
No comments:
Post a Comment