Saturday, January 21, 2012

සංචාරක රුවල් යාත්‍රාවක්‌ වැලිගමින් දියඹට

වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් නිපදවූ සුඛෝපභෝගී සංචාරක මුහුදු රුවල් යාත්‍රාවක්‌ පසුගියදා වැලිගම මුහුදු තීරයෙන් දියත් කෙරිණි.



කොග්ගල නිදහස්‌ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක නිදහස්‌ ආයෝජන ව්‍යාපෘතියක්‌ (ඊධෂ) මගින් නිපදවෙන එම සුඛෝපභෝගී රුවල් යාත්‍රාවන් විදේශිකයන්ගේ ඇණවුම් මත ශ්‍රී ලංකාවේදී නිපදවෙන අතර මෙවර දියත් කරන ලද්දේ ඔවුන් විසින් ඉදිකරනු ලැබූ සිව්වන රුවල් යාත්‍රාවය.

කැටමරන් වර්ගයේ රුවල් යාත්‍රාවක්‌ වන එහි උස මීටර්Ê5 කි. රුවල් කඳ උස මීටර් 20 කි. දිග මීටර් 15.8 ක්‌ වන අතර පළල මීටර් 8.3 කි. යුරෝපීය ප්‍රමිතියේ විශේෂ µයිබර් වර්ගයකින් නිපදවනු ලබන බැවින් ඉතා සැහැල්ලු බරකින් යුතු වන එම යාත්‍රාව ටොන් 12 කටත් වඩා අඩුය. නිදන කාමර 4 ක්‌ යාබද නාන කාමර ගබඩා කාමර සුවිශේෂී ශීතකරණ ආදියද මාස තුන හතරකට අවශ්‍ය ආහාර ගබඩා කිරීමේ පහසුකම්ද සහිත එම ධීවර යාත්‍රාවට විදුලිබලය සූරිය තාපයෙන්ද, ජල පහසුකම මුහුද ජලය යාන්ත්‍රාණුසාරයෙන් බීමට ගත හැකි පිරිසිදු ජලය බවට පත්කිරීම මගින්ද සපයා ඇති වීම විශේෂත්වයකි.

ඩීසල් මගින් ක්‍රියාත්මක එන්ජින් දෙකක්‌ ඇති එම රුවල් යාත්‍රාව එන්ජිම මගින්ද රුවල මගින්ද ධාවනය කළ හැකිවීම සුවිශේෂී තත්ත්වයක්‌ වන අතර රුවල මගින් එම යාත්‍රාව පැයට සැතපුම් 22 ක වේගයෙන් ධාවනය කළ හැකියි. වසරක්‌ තුළ එකවර මෙබඳු යාත්‍රා 4 ක වැඩ අවසන් කිරීම ඉලක්‌කය වන අතර මෙම අප්‍රේල් මාසය වන විට ඇනවුම් පරිදි ඉදිකළ තවත් මෙබඳුම යාත්‍රා 3 ක්‌ දියත් කිරීමට බලාපොරොත්තු වන බව එම යාත්‍රා කැනීම් ඉංජිනේරු ජී. ඩී. චමින්ද සංජීව මහතා පැවසීය.


http://www.divaina.com/2012/01/21/provin02.html

No comments:

Post a Comment