Tuesday, January 24, 2012

CEB salary issue (3 items)

විදුලි වැඩ වර්ජනය තාවකාලිකව නවතියි

සිරිමන්ත රත්නසේකර

ලංකා විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමීමට එම වෘත්තීය සමිති එකමුතුව ඊයේ (23 වැනිදා) තීරණය කර ඇත. එම විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති 31 ක සාමාජිකයන් ඊයේ (23 වැනිදා) කොළඹට රැස්‌වූ අවස්‌ථාවේදී ඉහත තීරණය ඒකමතිකව ගනු ලැබූ බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා "දිවයින" ට පැවසීය.

කෙසේ වෙතත් රජය විසින් වැඩිකරනු ලැබූ සියයට 25 ක පඩි වැඩිවීම වසර තුනක්‌ සඳහා වෘත්තීය සමිති පිළිනොගන්නා බවත් ලබන වසරේ (2013) ජනවාරි මාසයේ සිට ඉතිරි සියයට 20 මුදල සමග ගෙවීමට රජය කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය. 

එසේ නොවන්නේ නම් ලබන වසරේ මුල සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් හෙතෙම පැවසීය.

විදුලිබල මණ්‌ඩල සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බවට රජය පැවසූ කාරණය මෙම තීරණයත් සමගම අහෝසි වී යන බවත් පැවසූ රංජන් ජයලාල් මහතා ලංවිම වෘත්තීය සමිති මෙම තීරණයත් සමග විදුලි බිල ඉහළ දැමීමට රජය ගෙන තිබූ තීරණය අකුලා ගැනීමට සිදුවන බවත් පැවසීය.

ආණ්‌ඩුවට හිතවත් ඇතැම් ලංවිම වෘත්තීය සමිති සාමාජිකයන් සඳහා සියයට 25 කට වැඩි වැටුප් ලබාදීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් එසේ සිදුවුවහොත් මහජනතාව ඒ පිළිබඳ දැනුවත් කර දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරන බවත් රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් "දිවයින" ට පැවසීය.

http://www.divaina.com/2012/01/24/news41.html


CEB tus accept 25 percent salary increase

Chaminda Perera

The Ceylon Electricity Board (CEB) trade unions yesterday decided to accept the 25 percent salary increase instead of demanding a 45 per cent increase.

The salary increase will be added to the salary of all CEB employees from January.

According to senior officials of the Power and Energy Ministry, over 21 CEB trade unions came to the conclusion that they would accept the 25 per cent salary increase promised by the government, during a discussion held at Temple Trees under the patronage of President Mahinda Rajapaksa recently.

A CEB official yesterday told the Daily News that the trade union representatives had different opinions with regard to trade union action and the discipline of the CEB employees during the discussions.

Some trade unions voiced their anger over the recent trade union action even though the doors were open for discussions to arrive at an amicable settlement.


CEB unions settle for 25 per cent pay hike

By Ifham Nizam

The Ceylon Electricity Board trade unions which were demanding a 45 per cent pay hike, yesterday decided to accept the 25 per cent hike promised by President Mahinda Rajapaksa.

The Island learns that out of the 52 unions, 31 gathered yesterday in Colombo, to decide on a sick note campaign, but a majority of them felt that there was no point in fighting when the salaries had gone to the banks with a 25 per cent hike, a day before the usual salary day.

Joint Trade Alliance, Spokesman, Ananda Nimalarate admitted that it was a minor setback, but added that they would take up the matter from next year. "Overall, we are the winners, we got a 25 per cent hike, instead of 15 per cent and an increment in January in the history of the CEB," he added.

He said however that the authorities while failing to give their dues would spend millions of rupees for repairs to non-functioning power plants. "Workers welfare is paramount to all others," he stressed.

No comments:

Post a Comment