Monday, January 23, 2012

හිරගෙදරට ආහාර හිරගෙදරදීම

බුද්ධිකා ඉඹුලාන සහ සුභාෂිනි සේනානායක

වසර 2014 වන විට බන්ධනාගාර රැඳවියන්ට අවශ්‍ය ආහාර රැඳවියන් ලවාම නිෂ්පාදනය කිරීමට රජය තීරණය කර තිබේ.

මේ වසරේදී බන්ධනාගාර රැඳවියන්ට ලබාදෙන ආහාරවලින් අඩක් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පැවසීය.

2010 වසරේදී රැඳවියන් සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 4000 කි. 2011 වසරේදී රුපියල් මිලියන 5000 ක් වැය කර තිබේ.

2012 වසරේදී රැඳවියන්ගේ ආහාර සඳහා වැයකිරීමට වෙන්කළ මුදල රුපියල් මිලියන 6000 කි.

ඉදිරියේදී රැඳවියන් සඳහා අවශ්‍ය සියලුම ආහාර භෝග රැඳවියන් ඇසුරින් නිපදවීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත්, මේ වන විටත් රැඳවියන් මෙම භෝග වැවීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.


http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=n1201233

No comments:

Post a Comment