Monday, January 23, 2012

School vans: New rule introduced (2 issues)

පාසල් වෑන් රියැදුරන්ට නව නීති වයස් සීමාව 30ට වැඩියි
වසර 5 ඉක්මවූ රියැදුරු බලපතක්


විශේෂ නිල ඇඳුමක්

නුවන් කොඩිකාර සහ මහින්ද අලුත්ගෙදර

වයස අවුරුදු තිහ ඉක්මවූ පුද්ගලයින් පාසල් ප්‍රවාහන සේවා රියදුරන් ලෙස යෙදවීමට කොළඹ දිස්ත්‍රික් පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය එකඟතාව පළකර තිබේ.

එම රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවුරුදු 5 ක කාල සීමාවක් ඉක්මවා තිබීමත්, විශේෂ නිල ඇඳුමක් හඳුන්වා දීමටත් එම සංගම් එකඟ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හා කොළඹ දිස්ත්‍රික් පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය අතර පැවැත්වූ සාකච්ඡාවේදී මේ තීරණවලට එළඹි බව හෙතෙම කීවේය.

ඇතැම් පාසල් රියදුරන්ගේ ඇඳුම් පැළදුම් හා හැසිරීම් විධිමත් කිරීමට ද මෙහිදී පාසල් වෑන් රථ හිමියන් කැමැත්ත පළකළ බව ද අජිත් රෝහණ මහතා “දිනමිණ” ට ඊයේ (22) ප්‍රකාශ කළේය.

පාසල් ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවළ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ගල්කිස්සේ සිදුවූ පාසල් වෑන් රථ අනතුරින් පසු පාසල් වෑන් රථ රියැදුරන්ගේ සුදුසුකම් ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.


http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=u1201231


New rule for school van drivers

Sarath Malalasekera

A new rule has been introduced with immediate effect where drivers transporting schoolchildren should be over 30 years, Colombo Division Senior DIG Anura Senanayake said when he met Western Province three wheeler drivers and motorists transporting schoolchildren on Saturday.

Senior DIG Senanayake said that on President Mahinda Rajapaksa's directive, IGP N K Illangakoon had instructed him to educate three wheeler drivers and motorists transporting schoolchildren in the Western Province.

“They should also possess a driving license for the last five years and they should also be attired properly and not be in sleeveless shirts and shorts,” he said.

Anyone violating these rules will be prosecuted, Senior DIG Senanayake said. Over 1,000 three wheeler drivers and other vehicles transporting schoolchildren participated in the meeting held at the Colombo Traffic Headquarters.

http://www.dailynews.lk/2012/01/23/sec01.asp

No comments:

Post a Comment