Monday, January 23, 2012

යාල වන උයන අසල මුවෙකු මරා 60,000 ක් දඩ කයි

හම්බන්තොට දිස්ත්‍රික් සමූහ පී. ඩබ්ලිව් කොඩිතුවක්කු

දැනට පවතින වියළි කාලගුණයත් සමඟ යාල රුහුණු ජාතික වනෝද්‍යානයට යාබද කැළෑවන්හි මුව දඩයම නැවතත් ආරම්භ වී තිබේ.

යාල කැළෑවට මායිම් වූ රොටවැව හේනක පැලක් තුළ මරන ලද ලොකු මුවකුගේ සම ඉවත් කරමින් විකිණීමට මස් සකස් කරමින් සිටියදී වනෝද්‍යානය බාර නිලධාරීන් විසින් අල්ලාගෙන ඇක. එම ස්ථානයේ තිබී වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ මුවහත් පිහියක් ද නිලධාරීන් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා මුව මස් මුව හම තුවක්කුව සහ පිහිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු උදය සංජීව මහතා වෙත ඉදිරිපත් කරන ලදුව සැකකරුට මුදලින් රුපියල් හැට දහසක දඩයක් නියම කළේය. මුව මස් සහ මුව සම අධිකරණ භූමියේදීම විනාශ කිරීමට ද නියෝග කෙරිණි. මීට වරදකරු වූයේ තිස්සමහාරාම යෝධකණ්ඩිය මාගම පදිංචිකරුවකු වන සමන් තිලක වික්‍රමසේකර නම් වූ අයෙකි.

ඉකුත් 14 වැනිදා මෙම වැටලීම සිදු කොට ඇත. සැකකරු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව 20 වැනිදා චෝදනා ගොනු කිරීම සිදු කළේය.

චෝදනාවලට වරද පිළිගැනීමෙන් දඩ නියම විය. යාල රුහුණු ජාතික වනෝද්‍යානය බාරකාර ඩබ්ලිව්. ඒ. ඒ. ඩී. ඉන්ද්‍රජිත්, වන සත්ත්ව නියාමක හසිත නිර්මාල් ඇතුළු කණ්ඩායමක් වැටලීමට එක් වූහ.


http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=u1201234

No comments:

Post a Comment