Tuesday, January 24, 2012

ඇතැම් නීතිඥවරු හා ප්‍රා. ලේකම්වරුත් ඉඩම් කොල්ලකෑම්වලට හවුල්වෙලා

නෝමන් පලිහවඩන

දේශපාලන බලය පෙන්වා අන්සතු ඉඩම්, දේපළ කොල්ලකන කල්ලිය අතර නීතිඥවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් කීපදෙනකු ද සම්බන්ධ බවට ජනාධිපති විමර්ශන අංශය මගින් කරනු ලබන පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. දැනටමත් ජනාධිපති විමර්ශන අංශයේ නිලධාරීන් වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයකටම ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රියාකරගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

මෙසේ කොල්ලකනු ලබන ඉඩම් සඳහා නීතිඥවරුන් දෙතුන් දෙනකු සම්බන්ධ වී හොර ඔප්පු තනා ඇති බව ද වාර්තා වේ.

රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙසේ ඉඩම් ඇතුළු දේපළ කොල්ලකන පුද්ගලයන් පිළිබඳව දැනුම් දෙන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීමකින් පසු දේශපාලන බලය පෙන්වා මෙසේ ඉඩම්, දේපළ කොල්ලකෑමේ සිද්ධීන් රැසක්‌ පළාත් රැසකින්ම වාර්තා විය.

මේ අතර විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ද මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.


http://www.divaina.com/2012/01/24/news04.html

No comments:

Post a Comment