Saturday, January 21, 2012

Mihin Lanka (2 items)

මිහින් ලංකා 2007 සිට 2011 දක්‌වා මගීන් 586337 දෙනෙක්‌ ප්‍රවාහනය කර තිබෙනවා
- ඇමැති ප්‍රියංකර ජයරත්න


අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

මිහින් එයාර් ගුවන් සේවය ආරම්භ කළ 2007 වසරේ සිට 2011 දක්‌වා වසර හතරක කාලය තුළ මගීන් 586337 දෙනෙක්‌ සහ භාණ්‌ඩ ටොන් 2834 ක්‌ ප්‍රවාහනය කර ඇතැයි සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම කාලය තුළ මිහින් ලංකා ගුවන් සේවය රුපියල් හත්සිය හැත්තෑ කෝටි පහළොස්‌ ලක්‍ෂයක ආදායමක්‌ උපයා ඇතැයි ද කී ඇමැතිවරයා එම සමාගම වෙත ණය වශයෙන් ලංකා බැංකුව විසින් රුපියල් විසිපන්කෝටි විසි දෙලක්‍ෂයක ණය මුදලක්‌ ලබාදී ඇතැයි ද කීය.

ඊට අමතරව අයවැය ලේඛන මගින් 2007 වසරේ සිට 2011 දක්‌වා මිහින් එයාර් වෙත රුපියල් කෝටි හත්සිය හැටතුනක්‌ ද වෙන්කර ඇතැයි ප්‍රියංකර ජයරත්න මහතා කීවේය.

මිහින් එයාර් ගුවන් සේවය ලාභදායී මට්‌ටමකින් පවත්වාගෙන යැමට නම් සාමාන්‍යයෙන් මගීන් සියයට 80 ක්‌ සහ 85 ක ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කළයුතු බව ද එය එක්‌ එක්‌ මාසයට අදාළ ආදායම සහ ප්‍රවාහනය ප්‍රතිශතය අනුව වෙනස්‌ වන බව ද ඇමැතිවරයා කීවේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවි කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ඉහත ප්‍රකාශය කළේය.


http://www.divaina.com/2012/01/21/news21.html


ශ්‍රී ලන්කන්-මිහින් ලංකා ඒකාබද්ධ කිරීමට සැලසුම්

ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය, සුභාෂිනී සේනානායක

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කළේ බජට් ගුවන් සේවයක් ලෙස බවත් එමගින් සේවාවක් ඉටුකිරීම අරමුණ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මිහින් ලංකා ගුවන් සේවය සඳහා අලුතින් ගුවන් යානා දෙකක් මිලදී ගෙන ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට අහිමි මොහොතක මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කළ බවත් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂාකර ගැනීමේ අරමුණින් ආරම්භ කළ බවත් ඇමැතිවරයා පැවසීය.

මිහින් ලංකා ගුවන් සේවය ගොඩනැගීම සඳහා රාජ් රාජරත්නම් ලබාදුන් මුදල් ටික රවි කරුණානායක මහතා ලබා දෙන්නේ නම් එය උදව්වක් බවද ඇමැතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දැනටමත් එම ගුවන් යානා දෙක ගුවන් ගමන් සඳහා යොදවා ඇති බවද ඇමැතිවරයා කීය.

මිහින් ලංකා ගුවන් සේවය ආරම්භයේ සිට 2011 වසර දක්වා මගීන් පන්ලක්ෂ අසූහය දහස් තුන්සිය තිස්හත් දෙනකු හා භාණ්ඩ ටොන් දෙදහස් අටසිය තිස්හතරක්ද ප්‍රවාහනය කර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 2007 වසරේ අප්‍රේල් 24 වැනිදා ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සේවය වෙනුවෙන් ආරම්භක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන දෙසිය පනහක් යොදවා ඇති අතර අදවනවිට රුපියල් මිලියන පන්දහස් පන්සිය හතළිස් හතක් මුළු ප්‍රාග්ධනය ලෙස යොදවා ඇති බවත් ජයරත්න මහතා සඳහන් කළේය.


http://www.dinamina.lk/2012/01/21/_art.asp?fn=n12012110

No comments:

Post a Comment