ජයසිරි මුණසිංහ
දැයට කිරුළ ප්‍රදර්ශනයට ඔයාමඩුවේ ඉදිකරන ප්‍රධාන ගොඩනැගිලි තුනක් අංග සම්පූර්ණ වී ගබඩා ලෙස ගොවි ජනතාවට තිළිණ කරන බව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.
ඊට අමතරව ජනාධිපති කාර්යාලය මඟින් ප්‍රදර්ශනයට ඉදිකරන ගොඩනැගිල්ල මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස ජනතා අයිතියට පත් කරන බව සංවිධායක කමිටු සභාපති හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේ ය. ප්‍රදර්ශනය පෙබරවාරි 04 සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. මෙය නැරැඹීමට නිල ඇඳුමින් පැමිණෙන පාසල් දූ දරුවන්ට ප්‍රවේශපත් ලබාගත යුතු නැත. ගුරුභවතුන්ටද නොමිලේ ප්‍රදර්ශනය නැරඹිය හැකිය.
ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සෑම අයෙක්ම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයකට හිමිකම් කියන බව ද සියඹලාපිටිය මහතා කීය. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට දිගු කලක් තිස්සේ අවශ්‍යව පැවැති වී ගබඩා පහසුකම් මේ සමඟ හිමිවේ.
http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=n1201231
No comments:
Post a Comment