මිහින්තලේ නාමල්වැව ප්‍රදේශයේදී ඊයේ (22 දා) පෙරවරුවේ බඳින කඳන් තුවක්කුවක් පත්තුවීමෙන් දොළොස් හැවිරිදි සිසුවකු මරුමුවට පත්විය.
ඊයේ පෙරවරු 10.00 ට පමණ ඔහුට මෙලෙස වෙඩි වැදී ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. මිහින්තලේ මහා විද්‍යාලයේ අට වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ලහිරු ජයංග නමැති සිසුවකු මෙසේ මියගොස් ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවා ප්‍රතිකාර සඳහා මිහින්තලේ ග්‍රාමීය රෝහලට රැගෙන එන අතරතුරදී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයකු විසින් තම ගෙවත්ත පසුපස සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ කඳන් තුවක්කුවක් පත්තුවීමෙන් තම පුතා අනතුරට ලක්වූ බව මියගිය සිසුවාගේ පියා විසින් මිහින්තලේ පොලිසිය වෙත පවසා තිබේ.
එහෙත් පියා විසින් නිවස තුළදී කඳන් තුවක්කුවට වෙඩි බෙහෙත් කොටමින් සිටියදී එය අනපේක්ෂිත ලෙස පත්තුවීමෙන් සිසුවා මෙසේ අනතුරට පත්වන්නට ඇති බවට සැකයක් පවතින බවත්, එ අනුව සිසුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් මේ ගැන වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බවත් මිහින්තලේ පොලිසිය පවසයි.
http://www.divaina.com/2012/01/23/news10.html

No comments:
Post a Comment