නාගොඩ හා කළුබෝවිලදී දෙදෙනෙක් මියයති
නාගොඩ රෝහලේ වෛද්‍යවරයකුටත් ඩෙංගු
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
රත්මලාන දුම්රිය අංගනයේ සේවය කරන සේවකයන් තිස්‌දෙනකු ගතවූ දින දෙකක කාලය තුළදී ඩෙංගු උණ රෝගය වැළඳී කළුතර නාගොඩ හා කළුබෝවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, දුම්රිය සේවකයන් දෙදෙනකු මේ වන විට මියගොස් තිබේ. මියගිය එක් සේවකයකු දොඩන්ගොඩ පදිංචිව සිටි කේ. කේ. ඩී. කෝසල චමින්ද රණවීර නමැති 27 හැවිරිදි දුම්රිය කාර්මිකයෙකි.
රත්මලාන දුම්රිය අංගනයේ සේවය කරනු ලබන සේවකයන් තිස්‌දෙනකුටම ඩෙංගු උණ වැළඳී ඇත්තේ එම දුම්රිය අංගනයේ සේවා කටයුතු වල නිරත වෙමින් සිටියදී බව හෙළිවිණැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් පැවැසීය.
රත්මලාන දුම්රිය අංගනයේ සේවකයන් දහස් ගණනක් සේවය කරන බවත්, එම සියලු දෙනාටම ඩෙංගු වැළඳීමේ අවදානමක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඩෙංගු මරණ දෙක හා රෝගීන් වාර්තාවීමත් සමග ඩෙංගු මර්දන කටයුතු සඳහා පෙරේදා (21 වැනිදා) දෙහිවල - ගල්කිස්‌ස මහ නගර සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා ඒකාබද්ධව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. එහිදී රත්මලාන දුම්රිය අංගනය ආශ්‍රිතව ඇති කර්මාන්ත ශාලා තුළ ඇති අප ජල කාණු, පැරණි දුම්රිය මැදිරි හා ටැංකි තුළ ජලය ඒකරාශී වී මදුරු ගණත්වය තිබූ ස්‌ථාන බොහොමයක් හඳුනා ගනු ලැබීය.
මෙහිදී ඩෙංගු බෝවීමට ඉඩ හැරිය පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරනු දක්‌නට ලැබිණි.
මෙම අවස්‌ථාවට දෙහිවල ගල්කිස්‌ස නගරාධිපති ධනසිරි අමරතුංග, නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර යන මහත්වරුන්ද සහභාගි වූහ.
http://www.divaina.com/2012/01/23/news06.html
No comments:
Post a Comment