විජයසිරි විද්‍යාසේකර - කළුතර
අධිවේගී මාර්ගය දෙපස සවිකර ඇති ආරක්‌ෂිත වැටේ කම්බි සොරුන් විසින් කපාගෙන ගොස් ඇතැයි දොඩන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.
දොඩන්ගොඩ අක්‌කර 80 හා අක්‌කර 20 ප්‍රදේශ හරහා වැටී ඇති අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 32.2 ස්‌ථානයේ අඩි 100 ක්, කිලෝමීටර් 32. 9 ස්‌ථානයේ අඩි 90 ක ප්‍රමාණයක්‌ද සොරුන් විසින් කපාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව දොඩන්ගොඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර අධිවේගී මාර්ගයේ ආරක්‌ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ද යොදවා ඇතැයි පොලිසිය පවසයි.
අධිවේගී මාර්ගයේ පිහිටි ගුවන් පාලම්වල ආරක්‌ෂාවටද විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ඇති අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල පිවිසුම් මාර්ගවලද ආරක්‌ෂාවට විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ඇති බව පොලිසිය පවසයි.
http://www.divaina.com/2012/01/24/news13.html
No comments:
Post a Comment