පවුල් 8000ක් ගෘහ ආර්ථික ඒකක වැඩසටහනට
මහින්ද අලුත්ගෙදර
දිවි නැඟුම” ජාතික වැඩ සටහන මන්නාරම දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
මේ යටතේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 8000 ක් ගෘහ ආර්ථික ඒකක වැඩසටහන වෙනුවෙන් තෝරාගෙන ඇති අතර එම වැඩ සටහන ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී පෙරේදා (21) සිදු කෙරිණි. මෙම වැඩසටහන මන්නාරම දිස්ත්‍රික්කය සඳහා හඳුන්වාදීම වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සංවිධාන කළ කර්මාන්ත තාක්ෂණික ප්‍රදර්ශනය මන්නාරම ශාන්ත ෂේවියර්ස් විද්‍යාලයේදී පැවැත්විණි.
මෙලෙස ගෘහ ආර්ථික වැඩ සටහන වෙනුවෙන් තෝරාගත් පවුල් 8000 වාසනාවන්ත පවුල් වශයෙන් හඳුන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා එම වාසනාව උදාකර ගැනීම සඳහා රජය පමණක් නොව තමා ද කැප කිරීමක් කළ යුතු බව සඳහන් කළේය.
මෙම කර්මාන්ත තාක්ෂණික ප්‍රදර්ශනය ඒ සඳහා අතිශය වැදගත් බව සඳහන් කළ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා තමාට කළ හැකි කර්මාන්ත පමණක් මෙහිදී තෝරාගත යුතු බව ද, ඒ සඳහා සාමුහික කණ්ඩායමක් වශයෙන් හෝ තනි තනි වශයෙන් කටයුතු කළ හැකි බව ද පැවසීය.
මෙවැන්නකින් තමා ආරම්භ කරන කර්මාන්තයන් පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා, එය ඔවුන්ගේ අනාගතයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන බව ද ප්‍රකාශ කළේය.
ගෘහය ආශි‍්‍රතව යම් කර්මාන්තයක නියැළෙමින් අතිරේක ආදායමක් ලබාදීම සඳහා මඟපෙන්වීම දිවි නැඟුම වැඩසටහනේ මූලික අරමුණ බව සඳහන් කළ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා, ඒ වෙනුවෙන් රට පුරා ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25 ක් ස්ථාපිත කිරීම රජයේ අරමුණ වී තිබෙන බව ද අවධාරණය කළේය.
ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම් ෆවුසි, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=n1201235
No comments:
Post a Comment