Monday, January 23, 2012

Birds need support of humans (2 items)

මිනිස් සහාය පැතූ කුරුලු පවුලක්

පුත්තලම දිසා සමූහ ප්‍රසාද් පූර්ණමාල්

තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්‍ෂාව පැතූ කුරුලු පවුලක කතාවක් වෙන්නප්පුව ලුණුවිල ග්‍රාමයෙන් වාර්තාවේ.


දින දෙකක් හෝ තුනක් වයස ඇති කුරුලු පැටවුන් අටදෙනෙකු සමඟ පැමිණි මේ කුරුලු මාපියනට කාක්කන් හා වෙනත් සතුන්ගෙන් හානිවීමට ගිය අවස්ථාවේ මෙලෙස මිනිස් සහය පතා පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු කියති. පැටවුන් අටදෙනා මැදිකර ගනිමින් පැටවුනට ආරක්‍ෂාව දෙමින් කුරුලු මව සහ පියා ලුණුවිල ගම්මානයට පැමිණ ඇත්තේ ගම්මානය ආසන්නයේ වෙල්යායක සිටයි.

මේ වන විට පැටවුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඉතිරි පැටවුන් 06 දෙනා සහ කුරුලු මව ලුණුවිල ගම්මානයේ නිවසක කූඩුවක ආරක්‍ෂාව ලබති. කුරුලු පියා අවස්ථා කීපයකදීම තම දරු පවුල බැලීම සඳහා පැමිණ ගොස් ඇත.

මේ කුරුල්ලන් බැලීම සඳහා විශාල වශයෙන් ජනතාව පැමිණෙන අතර මෙතෙක් කිසිවෙකු මේ කුරුලු විශේෂය හඳුනාගෙන නොමැත.

කුරුල්ලන් හඳුනාගෙන මේ කුරුලු පවුලේ ආරක්‍ෂාව තහවුරු කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=n12012310


Uncommon bird species found in Wennappuwa : Environmentalists’ support sought to identify birds

Prasad Poornamal, Puttalam district group correspondent

The residents of Wennappuwa, Lunuwila are seeking the support of wildlife authorities and environmentalists to identify and take care of an isolated bird family of an unknown and uncommon bird species.

The isolated bird family consisting of eight baby birds and parents were saved from crows by residents last Saturday. Of them, two baby birds had died.

The mother bird and six youngsters had been provided protection in a cage by the residents.

The male bird was seen hovering around the area where the other birds are caged. The length of the female bird is around two and a half to three feet. Its height is around one foot.

http://www.dailynews.lk/2012/01/23/news22.asp

No comments:

Post a Comment