ලංකින්ද නානායක්කාර – ඉමදූව සමූහ
ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළෙඳසල් හිමියන් 49 දෙනකුට නඩු පවරා දඩ මුදල වශයෙන් රුපියල් 75000 ක මුදලක් අය කරගෙන ඇතැයි එහි ප්‍රධාන නිලධාරී තාරක විදානගමආරච්චි මහතා පවසයි.
මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම, වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී කරුණු නිසා මෙම වෙළෙඳසල් හිමියන් ට නඩු පැවරූ බව ඒ මහතා කියයි.
මෙම වෙළෙඳසල් හිමියන් සඳහා නඩු පැවැරීම කපිල බණ්ඩාර, එච්. ජී. පී. ඉඳුනිල්, බන්දුල පද්මලාල්, ගයනී විගෙමගේ මහත්මිය ඇතුළු පරිපාලන නිලධාරීන් විසින් සිදුකර ඇත. මෙයට අමතරව ගාල්ල දිස්ත්‍රික් කිරුම් මිනුම් ඒකකය මගින් බලපත්‍ර රහිත තරාදි භාවිතා කිරීම නිසා 8 දෙනෙක්ට නඩු පවරා දෙදෙනෙකුට අවවාද කර හය දෙනෙකුට රුපියල් 1000 බැගින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර ඇත.
http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=u1201235
No comments:
Post a Comment