Saturday, January 7, 2012

Stray Dogs Issue (2 items)

අයාලේ යන බල්ලන් 30,000ක් එන්නතට රුපියල් කෝටි තුනක්
සුව ඇමැතිට හිසරදයක් වෙලා

ගාමිණී ඔබේසේකර - පොළොන්නරුව විශේෂ

බල්ලන් සපා කෑමෙන් විනාශවන මිනිස් ජීවිත බේරාගැනීමට පැරණි නීතිරීති යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට දන්වා සිටි බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා මේ වන විට අයාලේ යන බල්ලන් 30000 ක් සිටින බවත් මෙම බල්ලන් එන්නත් කිරීමට වසරකට රුපියල් කෝටි 3ක මුදලක් වැය වන බවත් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. එන්. උඩුගම මහතා ප්‍රකාශ කළේය. මෙහිදී පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, දඩාවතේ යන බල්ලන් රෝහල්වල වෛද්‍යවරුන් පවා සපා කන බවත් දිවයින පුරා බල්ලන් සපා කෑමෙන් වසරකට මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන බවත් ඇමැතිවරයා කීය.

බල්ලන් විනාශ කිරීමට නව නීති අවශ්‍ය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, සත්ව අවිහිංසා සංවිධාන ඇත්නම් ඔවුන් විසින් අයාලේ යන බල්ලන් බලා ගත යුතු යැයි ද සඳහන් කළේය. මෙම රැස්වීම අමතා, සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරු ද කතා කළහ.

http://www.dinamina.lk/2012/01/07/_art.asp?fn=n1201073


Further action to control stray dogs

Nadira GUNATILLEKE

The Health Ministry will take further action to control the rapidly increasing stray dog population, a Ministry spokesman said.

Ports and Highways Deputy Minister Rohitha Abeygunawardena informed Minister Sirisena that there are around 4,000 stray dogs in the harbour premises. Doctors attached to state hospitals in the Kalutara district informed the minister about the high number of stray dogs in state hospital premises, he said.

Minister Sirisena promised to look into this. The government spends around Rs. 15,000 million annually to sterilize stray dogs and treat dog bites.

http://www.dailynews.lk/2012/01/06/news36.asp

No comments:

Post a Comment