Saturday, December 3, 2011

පාම් ඔයිල් ආනයනය 117% කින් ඉහළට

මේ වසරේ (2011) පළමු මාස හය තුළ පාම් ඔයිල් ආනයනය සියයට 117 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව කියයි.

අදාළ කාලය තුළ පොල් නිෂ්පාදනය සියයට 3.4 කින් පහත වැටීම සහ පොල් තෙල් නිෂ්පාදනය සියයට 22 කින් පහත වැටීම මේ තත්ත්වයට බලපා තිබේ.

මේ අනුව මේ වසරේ (2011) පළමු මාස හයේදී පාම් ඔයිල් ආනයනය මෙටි්‍රක්‌ ටොන් 74101 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.


http://www.divaina.com/2011/12/03/news18.html

No comments:

Post a Comment