කෘෂි ඇමැති කියයි
සමන්මලී ප්‍රියශාන්ති
රුපියල් බිලියන 50ක් වැය කර රජය ගොවීන්ට ලබා දුන් පොහොර සහනාධාරයෙන් ගිය වසරේ පමණක් රුපියල් බිලියන 12500 ක ලාභයක් ලැබූ බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. රජය ගොවීන්ට දෙන පොහොර සහනාධාරය කිසි ලෙසකින් කපා නොදමන බවත් දේශීය නිෂ්පාදන වැඩි කර ගැනීමේ අරමුණෙන් ගොවීන්ට ඉදිරියටත් පොහොර සහනාධාරය ලබා දීමට මෙවර අයවැයෙන් ද මුදල් වෙන් කර තිබෙන බවත් අබේවර්ධන මහතා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය. නව වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට රුපියල් මිලියන 700 ක් අයවැයෙන් වෙන් කර තිබෙන බවත් එම මුදලින් කෘෂිකර්මාන්තයේ දියුණුවට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. වසර 2015 වන විට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් අපනයනය කිරීමේ කාර්යයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන අතර ඒ ඉලක්කය ජය ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.
ඒ අනුව පිටරටවල ජනප්‍රිය සහල් වර්ග මොනවාද යන්න පිළිබඳ ව සොයා බලා වෙළඳපොළේ රුචිකත්වයට ගැලපෙන පරිදි මෙම අපනයන කාර්යය සිදු කළ යුතු බවත් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීවේය. මේ වන විට ශ්‍රී ලංකාව සහල්වලින් ස්වංපෝෂිත වී තිබෙන අතර ඉදිරි මාස අටකට සරිලන වී නිෂ්පාදනයක් රජය, ගොවි ජනතාව හා පෞද්ගලික අංශය සතුව තිබෙන බවත් පැවසු ඒ මහතා ඉදිරි කන්නයේ වී නිෂ්පාදනය ළඟදීම වෙළෙඳපොළට පැමිණීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.
වසර 30 කට පසු උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වගා කටයුතු ආරම්භ කිරීම නිසා එක් කන්නයකදී මෙතෙක් ලැබු වී අස්වැන්න මෙට්‍රික් ටොන් විසි ලක්ෂයකින් වැඩි වී ඇතැයිද අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
http://www.dinamina.lk/2011/12/07/_art.asp?fn=n1112079
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment