Wednesday, December 7, 2011

වේවැල්දෙණියේ මේධාලංකාර හිමිට ජනපතිගෙන් අලි පැටියෙක්

රාමඤ්ඤ නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර හිමිපාණන් වහන්සේ වෙත අලි පැටවකු පූජා කිරීම සංකේතවත් කරමින් ඒ සඳහා වූ නිල සන්නස් පත්‍රය පිළිගැන්වීම ඊයේ (6) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.

පින්නවල අලි අනාථාගාරයට අයත් විශ්ව නම් වූ අලි පැටවා මෙලෙස නායක හිමිපාණන් වෙත පූජා කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සව අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය නියෝජනය කරමින්, භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැනීසියස් හේරත්, වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භාෂ්වර සේනාංක මහත්වරුද සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/12/07/_art.asp?fn=n11120712

No comments:

Post a Comment