විදේශගතව සිටි කාලයේදී ලබා ගත් වැටුප් වෙනුවෙන් සබරගමුව හිටපු උපකුලපතිගේ අර්ථසාධකයෙන් රුපියල් ලක්ෂ 15 ක් අයකර ගැනීමට දන්වයි
නිලන්ත මදුරාවල
සබරගමුව, විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාට හිමි විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් අයකර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම විශ්වවිද්‍යාලයට ලිඛිතව දන්වා ඇත.
මෙලෙස අය කර ගන්නා ලෙස දන්වා ඇත්තේ මහාචාර්යවරයා සේවයේ යෙදී සිටියදී සප්ත වාර්ෂික සහ විශේෂ නිවාඩු ලබා ගනිමින් විදේශගතව සිටි කාලයේදී ලබා ගත් වැටුප් වෙනුවෙන් රුපියල් ලක්ෂ 14 ක් හා විදේශගතවීම සඳහා විශ්වවිද්‍යාලයෙන් ගුවන් ටිකට්පත් වෙනුවෙන් ලබා ගත් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදල්ය. වත්මන් උපකුලපති මහාචාර්ය මහින්ද එස්. රූපසිංහ මහතා ඇතුළු පාලක සභාව සෝමසුන්දර මහතාට සප්ත වාර්ෂික විශේෂ නිවාඩු අනුමත කළ යුතු බව පවසා චක්‍රලේඛයට අනුව එය පිළිගත නොහැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කළ පරීක්ෂණයකින් අනාවරණය විය.
මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා උපකුලපතිවරයාව සිටි සමයේදී කර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කෙරුණු අතර ම අක්රමිකතාවන්ට අදාළව සෝමසුන්දර මහතාට එරෙහිව ප්‍රතිපාදන කොමිෂන් සභාව චෝදනා පත්‍රයක්ද සබරගමුව විශ්වවිද්‍යාලයට යවා ඇත.
මේ වන විට විශ්‍රාම ගොස් සිටින සෝමසුන්දර මහතාට විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල වශයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක පමණ මුදලක් හිමි වීමට නියමිත අතර එම මුදල ලබා දෙන්නේ චෝදනා පත්‍රයට අදාළ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව යෑයි විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් පැවසීය.
http://www.divaina.com/2011/12/07/news08.html
Former S’gamuwa VC asked to cough up Rs. 1.5 mn
By Nilantha Madurawela
The University Grants Commission (UGC) has ordered the Sabaragamuwa University to recover, from its former Vice Chancellor, Prof. Dayananda Somasundera, Rs. 1.5 million he obtained as emolument during unauthorised leave and reimbursement for an air ticket.
University authorities said the money due to the university would be deducted from the former VC’s EPF balance.
The Committee on Public Enterprises (COPE) inquired into the alleged irregularities at the Sabaragamuwa University during Prof. Somasundera’s tenure as VC and the UGC has issued a charge-sheet against him. His EPF payments would be cleared only after the conclusion of an inquiry, university sources said.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40639
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment