ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් 171 දෙනකුට රුපියල් දශලක්ෂ 350 ක වන්දි ප්රදානය කිරීම ඊයේ (30 දා) කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.
සේවකයන්ට වන්දි ප්රදානය කිරීම රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා අතින් සිදුවිය.
සේවක ඉල්ලීම්වලට කන් දෙමින්, මුලින් තීරණය කර තිබූ වන්දි ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කර, සේවකයන්ට වැඩි ප්රතිලාභ සැලසෙන පරිදි සකස් කළ නව ක්‍රමවේදයකට අනුව මේ වන්දි ප්රදානය කළ බව වන්දි ප්රදානය කිරීමේ උත්සවයේදී කතා කළ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා කීවේය.
මෙය හොඳම විසඳුම නොවිය හැකියි. එහෙත් මීට වඩා හොඳ වෙනත් විකල්පයක් කිසිවෙක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා සේවකයන්ට උපරිම ප්රතිලාභ ලැබෙන පරිදි, මේ වන්දි ගෙවීමේ ක්‍රමවේදය තීරණය කළ බව ද, ඕනෑම අයකුට මේ ක්‍රමවේදයට එකඟ නැත්නම් අදාළ වන්දි මුදල් ප්‍රතික්ෂේප කර කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියට යැමට හිමිකම ඇති බව ද මෙහිදී අමාත්‍යාංශ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා කීවේය.
මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.
http://www.divaina.com/2011/12/01/news23.html
No comments:
Post a Comment