- රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා
තිස් වසරක් පුරා ත්රස්තවාදයේ පස්වලින් වැසී තිබූ පුල්මුඩේ ඛනිජ වැල්ල දැන් හොඳින් මතුවී තිබෙන බවත් පසුගිය කාලය පුරා අහිමිවී ගිය විදේශ විනිමය දැන් නැවත රටට ලබා ගැනීමට හැකිවී තිබෙන බවත් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.
පුල්මුඩේ ඛනිජ වැල්ල තුළින් රටේ ආර්ථිකයේ කොඳුනාරටිය කෙළින් කර තැබීමට ශක්තියක් වීම අප කාගේත් යුතුකම සහ වගකීම වෙනවා යෑයිද තිසේරා මහතා කියා සිටියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් පුල්මුඩේ ඛනිජ වැලි ආයතනයේ සේවකයන් 130 දෙනකු වෙනුවෙන් සේවා ස්ථිර කිරීම්, තනතුරු උසස්වීම් සහ නව පත්වීම් ලබාදීම සඳහා පැවති උත්සවයේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඊට අමතරව පුල්මුඩේ ඛනිජ වැලි ආයතනයේ සියලු පහසුකම්වලින් සමන්විත කාමර 11 කින් යුතු නිල නිවාසයක් විවෘත කිරීම, රුපියල් මිලියන 36 ක් වටිනා වාහන ලබාදීම, පුල්මුඩේ දේවස්ථානයේ නවීකරණය සඳහා ඛනිජ වැලි ආයතනය මගින් ලබාදුන් රුපියල් මිලියනයක මුදල ලබාදීම, කුච්චවේලි ප්‍රාදේශීය සභාව සඳහා රු. ලක්ෂ 4 ක මුදලක් ලබාදීමද මෙහිදී ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා සහ නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහත්වරුන් අතින් සිදු කෙරිණි.
එමෙන්ම ඛනිජ වැලි ආයතනයේ සේවකයන් 09 දෙනකු වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් පනස්දහසක් බැගින් ලබාදීම හා සේවයේ යෙදී සිටියදී සදාකාලිකව අකර්මණ්‍ය වූ සේවකයකුගේ දරුවකු වන එස්. ඒ. සී. එම්. රිස්වි තරුණයාට ආයතනයේ නව පත්වීමක් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති දයාශ්‍රිත තිසේරා මහතාá
ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් ජන නායකයාට වගේම ත්රස්තවාදයට අභියෝග කරමින් මේ ආයතනය රැකගත් සේවක, සේවිකාවන්ටද ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. ශක්තිමත් සංවර්ධිත රටක් වෙනුවෙන් යන ගමනේදී අපේ රටේ අනාගත පරපුරට මේ වගේ ආයතන සුරැකිව තබා ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම අපගේ අරමුණ විය යුතුයි.
මේ වන විට ඛනිජ වැලි සඳහා ඉහළ මිල ගණන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ටෙන්ඩර් ක්‍රමය වෙනසකට ලක් කරමින් අප ඒ ජයග්‍රහණය ලබා ගත්තා. මේ සිදුවීම් හරහා ඉතා කෙටි කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් ලක්ෂ දස දහසක් ලබාදීමේ ගෞරවයට ඔබ දායක වී සිටිනවා.
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, පුල්මුඩේ ඛනිජ වැලි ආයතනයේ විධායක අධ්යක්ෂ ඩිෂාන් ගුණසේකර, ඇමැති පෞද්ගලික ලේකම් බ්‍රයන් එවන්ස්, ආයතන උපදේශක එස්. ඒ. නන්දදේව, හා ආයතන සේවකයෝද උත්සව සභාව ඇමතූහ.
http://www.divaina.com/2011/12/01/news29.html
No comments:
Post a Comment